(VIDEO) උදා වී ඇත්තේ උණුසුම් මැතිවරණයේ ශීතල නිහැඬියාවයි, තීරණ වෙනස් වෙමින් අද මොකද වුණේ…?

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 20, කොළඹ (LNW):

ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳව ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වී අද (19) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග අමෙරිකානු ඩොලර් බිලියන 17.5ක ණය ප්‍රතිව්‍යූහගතකරණය සඳහා අද (19) එකඟතාවකට එළැඹී තිබේ. ඒ එම ණය ප්‍රමාණයේ වර්තමාන අගයෙන් 40.3%ක සහනයක් දිනාගනිමිනි. මේ සමග ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළේ සියලු අදියර සම්පූර්ණ කර අවසන් අතර, නොබෝ දිනකින් ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මිදුණු රටක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරෙනු ඇත.

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ට වසර විස්සක තහනමක් පැනවීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර තිබේ.

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ රාජකාරි සඳහා පත්කර ඇති සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි. ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඊයේ (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී රත්නායක මහතා තවදුරටත් කියා සිටියේ, තැපැල් ඡන්ද ගණන්කිරීම ප.ව. 4.15ට පමණ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...

චන්ද්‍රසේකර් ප්‍රපංචයේ මනෝවිශ්ලේෂනය ….

අද මම ලියන්ට හීතුවේ අපෙ රවී සහෝදරයා (චන්ද්‍රසේකර්) තැනට...

ආපදා මරණ සංඛ්‍යාව 618ක් දක්වා ඉහළට. තවත් 200කට වැඩි පිරිසක් අතුරුදන්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා පැවති ආපදා තත්ත්වය හේතුවෙන්...

ආපදාවට ලක්වූවන්ගේ සුවදුක් විමසීමට ජනපතිත් යයි!

කොළඹ LNW:ආපදාවෙන් විපතට පත් වූ ජනතාව රැදි සිටින මාතලේ,...