ඡන්දයට පෙරත් ඡන්ද දිනයේදීත් ඡන්දයට පසුත් බස් රථ ධාවනය කෙරෙන ආකාරය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (20) දිනයේදී බස්නාහිර පළාතෙන් බැහැරව ගම්බිම් බලා යන මගීන්ට අවශ්‍ය දුර ගමන් සේවා බස් රථ යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලින්ද අල්විස් මහතා පවසයි.

“20 වනදා වනවිට ගම්බිම් බලා යන්න බස්නාහිර පළාතෙන් වෙනත් පළාත්වලට යන විශාල පිරිසක් ඉන්නවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් සමගත් අපි සාකච්ඡා කරලා පෞද්ගලික අංශයේ බස් රථ වගේම අපි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දුර ගමන් සේවා බස් රථ යොදවලා ඒ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයලා දෙනවා මගීන්ට. ඒ වගේම නැවත තමන්ගෙ සේවා ස්ථාන කරා ආපසු එන්න අපේක්ෂා කරන මගීන්ටත් අපි 22 වැනි දින සහ 23 වැනි දින ඒ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් දුර ගමන් සේවා ලබා දෙන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. ග්‍රාමීය මාර්ගවල ධාවන කටයුතු යම් මට්ටමකින් අඩුවෙනවා, මොකද හේතුව අපි මැතිවරණ රාජකාරි සඳහා බස් රථ ලබාදෙනකොට ග්‍රාමීය ප්‍රදේශවල බස් රථ සියලුම ගමන් වාර අපට ගමන් කරන්න බැරිවෙයි. අපි හැකි උපරිමයෙන් බස් රථ ධාවනය කිරීමට අවශ්‍ය සෑම මාර්ගයකටම බස් රථ ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා”

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ ඡන්දය දිනයේදීත් ඉන් පසුව දින කිහිපයක් යන තුරුත් දුර ගමන් සේවා තරමක් අඩාල විය හැකි බවයි.

“20 වෙනිදා අපේ බස් රථ 50%ක පමණ ප්‍රමාණයක් තමයි ධාවනය සිදුවෙන්නේ. ඒ වගේම ඡන්දය තියන දවසේ, ඒ කියන්නෙ 21 වෙනිදා බස් රථ 10% – 20% අතර ප්‍රමාණයක් ධාවනය වීම සිද්ධ වෙනවා. එතකොට දුර ගමන් සේවා බස් රථ විශේෂයෙන්ම අඩාල වෙනවා, මොකද ඒ බස් රථවල සේවක මහතුන්ට ගම්බද පළාත්වල තමන්ගෙ ඡන්දය දාලා තමයි එන්න වෙන්නෙ. මම මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, 20 වනදා තමන්ගෙ මගී අවශ්‍යතා සපුරාගන්න කටයුතු කරන්න, ඡන්දයෙන් පස්සේ දින දෙකක් හෝ තුනක් යයි ප්‍රවාහනය යථා තත්වයට පත්වෙන්න. අපි උත්සාහ කරනවා සඳුදා දිනයේදී යථා තත්වයට පත්කරන්න”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...