මධ්‍යස්ථාන 13421දී ජන්දය විමසීමට අදාළව සියල්ල සූදානම්. සැලසුම් කළ පරිදි පෙරහුරු වැඩසටහනත් ක්‍රියාත්මකයි!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණ ජන්ද විමසීමට අදාළව ජන්ද මධ්‍යස්ථාන 13421කදී ජන්ද විමසීම සිදුකිරීම සඳහා සියලු කටයුතු යොදා තිබෙන අතර තේරීම් භාර නිලධාරීන්ගේ උපදෙස් මත මැතිවරණ රජාකාරී සඳහා කාර්ය මණ්ඩල යොමුකිරිම අද (20) පෙරවරු 07.00 සිට ආරම්භ කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඒ අනුව ජන්ද මධ්‍යස්ථාන වෙත අවශ්‍ය ජන්ද පත්‍රිකා,ජන්ද පෙට්ටි ඇතුළු සියලුම ලියකියවිලි නිසි ලෙස යොමුකර ඇති අතර මධ්‍යහන 12.00න් පසු ජන්ද මධ්‍යස්ථාන වෙත කාර්ය මණ්ඩල පැමිණීමෙන් අනතුරුව පෙරහුරු වැඩසටහන් සිදුකෙරෙන බවයි ඔහු සඳහන් කළේ.

ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ලැබී තිබෙන අතර එම නිලධාරීන් ද නිසි පරිදි අනියුක්ත කර තිබෙන බව රත්නායක මහතා කියාසිටියේය.

ජන්ද මධ්‍යස්ථාන කිහිපයක් භාරව කලාප සහකාර තේරීම් භාර නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර අද පස්වරුවේදී එම මධ්‍යස්ථාන සමබන්ධ වාර්තාවක් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා වෙත ලබා දෙනු ඇති බවයි කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...