ජන්ද ප්‍රතිඵල එන්න කලින් රෝහිතට,පවිත්‍රාට සහ එස්.එම් ට ප්‍රතිඵල නිකුත් වෙයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට එරෙහිව යමින් ක්‍රියා කළ පක්ෂයේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, භාණ්ඩාගාරික වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන යන අයගේ පක්ෂ සාමාජිකත්ව අහෝසි කරමින් පක්ෂයේ තනතුරු වලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව එම දැනුම් දීමේ ලිපි නිකුත් කර තිබේ.

පසුගිය ජූලි 29 වැනි දින පැවැත්වූ පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ තීරණයට පිටින් යමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීම මතයි ඔවුන් සම්බන්ධයෙන් උක්ත තීරණයට පක්ෂය එළඹ ඇත්තේ.

පක්ෂයේ තීරණයට එරෙහිව යමින් ක්‍රියාකර තිබෙන සෙසු මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් ද ඉදිරි දිනවලදී අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාස්ටර්ස් “සික්සස්” 2026 මැලිබන් කුසලාන සම්පත් බැංකුවේ තැන්පත් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: මැලිබන් බිස්කට් අනුග්‍රහය ඇතිව...

ඕස්ට්‍රේලියාවේ විරෝධතාවයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ පුද්ගලයෙකුට ‘ත්‍රස්තවාදී’ චෝදනා!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ...

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...