රශ්මිකාගේ රශ්මියෙන් නවසීලන්තය දැවී යයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 20, (LNW) කොළඹ :

ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය සහ ශ්‍රී ලංකාව සහභාගි වන අවුරුදු 19 න් පහළ තුන් කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති විස්සයි විස්ස තරගයෙන් ලකුණු 69 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් තුන් ඉරියව්වෙන්ම දායක වුණ රශ්මිකා සෙව්වන්දි පන්දු 19 න් නොදැවී ලකුණු 36 ක් ලබමින් ද,පන්දු යැවීමේදි ඔස්ට්‍රෙිලායුනු මුල් කඩුලු 2 ලකුණු 14 ක් පමණක් දෙමින් දවා ගනිමින් ද විශාල දායකත්වයක් ලබා දුන්නා.


කාසියේ වාසිය දිනූ රනුදි නානායක්කාර තරගය පැවති ඇලන් පෙටිග්‍රෙව් ඕවල් ක්‍රීඩාංගණයේ දී පළමුව පන්දුවට පහර දිමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දු වාර 20 තුළ ලකුණු 148 ක් ලබා ගැනීමට සමත් වුණා.එහිදී ඔවුන්ට කඩුලු 7 ක් අහිමිව ගිය අතර වරඩිම ලකුණු ලාභීණිය වූ රශ්මිතාට අමතරව සංජනා කාවින්දි ලකුණු 30 ක් ද,මනුදි නානායක්කාර ලකුණු 19 ක් ද එක් කරනු ලැබුවා.


නවසීලන්ත පන්දු යවන්නියන් අතරින් අනිකා ඩොට් ලකුණු 20 ට කඩුලු 3 ක් ලබමින් පන්දුවෙන් දස්කම් දැක් වූවා.නවසීලන්ත ඉණිමට වැඩිම දායකත්වය පිත්තෙන් ලබා දුන්නේ එවි වොලන්ඩ්.ඇය නවසීලන්ත මුළු ලකුණු ප්‍රමාණය වූ ලකුණු 79 න් ලකුණු 26 ක ට හිමිකම් කීවා.ශ්‍රී ලංකා දඟපන්දු යවන්නියන්ගේ බලපෑම ඉදිරියේ හිස ඔසවා ගැනීමට නවසීලන්තයට ඉඩක් ලැබුණේම නැහැ.ප්‍රමුදි මෙත්සරා පන්දු ඕවර් 3.3 දී ලකුණු 6 ට කඩුලු 3 ක් ලබමින් නවසීලන්ත මැද පෙළ සහ අග පෙළ විසුණු කර දැමුවා.බට්ටි ලෙස ප්‍රකට චමොදි ප්‍රබෝධාට එකතු වූ කඩුලු ප්‍රමාණය 2 ක් වූ අතර ඇය ඒ වෙනුවෙන් වැය කළේ ලකුණු 17 ක් පමණයි.ලකුණු අශේනි තලගුණේ ලකුණු 16 ට කඩුලු 2 ක් දවා ගන්නට සමත් වූ අතර සුමුදු නිසසංලා ද කඩුල්ල පිටුපස වගකිව යුතු රාජකාරියක් ඉටු කළා.
https://bit.ly/3TA5gMm

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනය දෙසට ගමන් ගත් එයාර් ඉන්දියා ගුවන් යානාවක් අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරකට ලක් වෙයි!

සටහන – පුලීජූනි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රහස්පතින්දා(අද) දහවල්...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 12, කොළඹ LNW : බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක...

කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ...

රිලා සංගණනයේ ප්‍රතිඵල නිකුත් වෙයි!

කොළඹ LNW:පසුගිය මාර්තු 15 වන දින දිවයින පුරා සිදු...