ජාතික ක්‍රීඩාවේ කොල්ලන් මධ්‍යම ආසියාව අල්ලයි

Date:

බංගලාදේශයේ පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සූරතාවලියේ පිරිමි අංශයේ සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ අවසන් තරගයේදී සත්කාරක බංගලාදේශයට එරෙහිව වට 3- 0 ජයග්‍රහණයකට හිමිකම් කියමින්.

මූලික වටයේදී දෙපිල හමු වූ විට බංගලාදේශය එක වටයක් ජය ගත්තද අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එවැනි බුරුලක් බංගලාදේශයට ලැබුණේ නැත.පළමු වටයේදී පමණක් ඔවුන් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උදුරා ගන්න මට්ටමට පැමිණියද,එය ද ව්‍යර්ථ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම වටයද 28 – 26 ක් ලෙස ජය ගත්හ.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට උස්බෙකිස්තානය ඉදිරියේ අනපේක්ෂිත පරාජයකට මුහුණ දෙන්නට වූ නිසා තරගාවලියේ නිමාවේ ඔවුන්ට හිමි වුණේ තෙවන තැනය.නමුත් එහිදී ද තරගාවලියේ දක්ෂතම ප්‍රහාරිකාව වෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රීතිකා ප්‍රමෝධනී සමත් වූවාය.

සූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් මතු අනාගතය ගැන පැහැදිළි විශ්වාසයක් ගොඩ නඟමින් ක්‍රීඩා කළ අතර ඒ අතරින් මහේල ඉන්දීවර සහ ධනුෂ්ක ප්‍රනාන්දු පිළිවෙලින් දක්ෂතම ප්‍රහාරකයා සහ පන්දු ඔසවන්නා වුහ.

ධනුෂ්ක ප්‍රනාන්දු

මහේල ඉන්දීවර
සූරතාවය දිනා ගත් පිරිමි කණ්ඩායම සහ තෙවන ස්ථානය දිනා ගත් කාන්තා කණ්ඩායම

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...