ඊයේ දින තුළ යුක්රේනයේ යුධමය කලාප වලින් මුදවා ගත් පුරවැසියන් ගණන 6,665: නියෝජ්‍ය අගමැතිනි

ඊයේ (08) දින තුළ යුක්රේනයේ යුධමය කලාප වලින් ඉවත්කර ගත් පුරවැසියන් ගණන 6,665 බව එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අයිරිනා වෙරෙෂුක් මහත්මිය පවසයි.

ඒ අනුව, යුක්රේනයේ පවතින යුධමය වාතාවරණය තුළ මීට දින දෙකකට ඉහත (07) දිවි ගලවා ගෙන පලා ගිය පුද්ගලයන් 4,676 ට සාපේක්ෂව වැඩි පුද්ගලයන් සංඛ්‍යාවක් මුදවා ගැනීමට ඊයේ දින හැකිවූ බව යුක්රේන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය අනාවරණය කරයි.

මේ අතර, යුරෝපා සංගමය සිය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු යුක්රේනයේ කිව් අගනුවර නැවත ආරම්භ කිරීමට සූදානම් වන බව ද වාර්තා වෙයි.

රුසියානු ආක්‍රමණය සමඟ යුරෝපා සංගමයේ යුක්රේන රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තාවකාලිකව පෝලන්තය වෙත රැගෙන යාමට කටයුතු කර තිබිණි.

යුක්රේනයේ යුරෝපා සංගම් දූත පිරිසේ ප්‍රධානී මැටී මාසිකාස් ඊයේ දින යුරෝපා සංගමයේ ඉහළ නිලධාරීන් හමුවූ අතර, කිව් අගනුවර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පවත්වා ගන්නා බව පවසා ඇත.

මෙමඟින් යුක්රේන රජය හා යුරෝපා සංගමය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවත්, යුක්රේනයේ මතුව ඇති තත්ත්වය හමුවේ යුක්රේන පුරවැසියන්ට සහන සැලසීමට හැකිවනු ඇති බවත් යුරෝපා සංගම් නියෝජිත ජෝසප් බොරෙල් පවසයි.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...