ඊශ්‍රායලයේ දෙවන ගගනගාමියාත් අභ්‍යවකාශයට.. පැය 17 කින් පාලක මැදිරිය අමතයි!

0
315

ඊශ්‍රායලයේ ගගනගාමී එයිතන් ස්තිබ්බෙ සිය අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව දියත් කර තිබේ.

පාලක මැදිරියේ සිට ගුවන්ගත වී පැය 17 කට පසු අභ්‍යවකාශයේ සිට පාලක මැදිරිය ඇමතීමට එයිතන් සමත්ව ඇත.

එයිතන් ස්තිබ්බෙ යනු ඊශ්‍රායලය විසින් අභ්‍යවකාශයට යැවූ දෙවන ගගනගාමියා ය.

එයිතන් රැගත් රොකට්ටුව ගුවන් ගත කරනු ලැබුවේ ඊයේ (08) දින ය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඇක්සියොම් මිෂන් 01 (Ax-1) නම් පෞද්ගලික අභ්‍යවකාශ මෙහෙයුමේ කොටස්කරුවකු වශයෙන් ඔහු මෙම අභ්‍යවකාශ මෙහෙයුම ට සම්බන්ධ වී තිබේ.

එමෙන්ම, එයිතන් තම මව්රට වෙනුවෙන් අභ්‍යවකාශයේ පරීක්ෂණ ගණනාවක් සිදුකිරීමට නියමිත ය.

එයිතන් සම්බන්ධ වී ඇති අභ්‍යවකාශ මෙහෙයුම රාකියා (Rakia) නම් කේතනාමයෙන් හැඳින්වේ.

“අයුබෝවන් සැමට. අප දැනටමත් ගුරුත්වය ශුන්‍ය කලාපයට පැමිණ තිබෙනවා. අපගේ මෙහෙයුම් පහසුවෙන් හා කාර්යක්ෂමව සිදුකිරීමට අප සූදානම් වෙමින් සිටිනවා. පියාසැරිය අද්විතීයයි. අප දැන් ගමන් කරමින් සිටින්නේ අප්‍රිකාව පසුකරමින්. තවත් මිනිත්තු 5 – 10 කින් ඊශ්‍රායලයේ මුහුදු කලාපය පසු කරනු ඇති. මා හිතන්නේ අප වෙරළ දකින විට රාත්‍රිය උදාවී තිබේවි, එය වළාකුළු මත තීරණය වනු ඇති.”

එයිතන් හිබෘ බසින් පාලක මැදිරිය අමතා පවසා ඇත්තේ එවැන්නකි.

අවුට්බවුන්ඩ් ටුඩේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here