ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵල‍ය අද පස්වරුවේ!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ (LNW):

අද (22 වැනිදා) පස්වරුව වන විටදී ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රතිඵල ලබාදී අවසන් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටී.

යම් අපේක්ෂකයකු සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක් සහ තවත් එක් ඡන්දයක් ලබා ගතයුතු අතර, කිසිදු අපේක්ෂකයකු එම ඡන්ද ප්‍රතිශතය ලබාගෙන නොමැති නම් මනාප ගණන් කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසම පවසයි.

මේ වනවිට, මනාප ගණන් කිරීමේ කටයුතු සඳහා නිලධාරීන් සූදානම් කර ඇතැයි ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පවසන අතර, සමස්ත මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරුව ජනාධිපතිධුරය සඳහා සුදුසුකම් ලැබූ අපේක්ෂකයා කවුදැයි ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 5,200 ඉක්මවා ඇත.

මෙම පැමිණිලිවලින් 34 ක් ප්‍රචණ්ඩ ක්‍රියා බවත් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ලැබී තිබෙන පැමිණිලි සංඛ්‍යාව 5,050 ඉක්මවා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...

ලොවක් ආදරය කළ විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ සිය අවසන් හුස්ම හෙළයි!

සටහන – පුලී අගෝස්තු 21, කොළඹ (LNW): අග්න්‍යාශ පිළිකාවක් සමඟ දිගුකාලීනව...

ගාසා නගරය අත්පත් කර ගැනීම වෙනුවෙන් ප්‍රහාර ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරය මුළුමනින්ම...