ඊශ්‍රායලය හා හිස්බුල්ලා සංවිධානය අතැර මාරාන්තික ගැටුම් හේතුවෙන් ලෙබනනයේ මියගිය සංඛ්‍යාව 558 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සැප්තැම්බර් 23වන දා සිට ඊශ්‍රායලය විසින් ලෙබනනය පුරා එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් මේවන විට ළමුන් 50 ක් සහ කාන්තාවන් 94 ක් ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 558 ක් මිය ගොස් පුද්ගලයන් 1,835 තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රයල ප්‍රහාර හේතුවෙන් බේරූට්හි කණ්ඩායමේ මිසයිල සහ රොකට් බලකායට නායකත්වයදුන් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු වන ඊබ්‍රාහිම් මුහම්මද් කුබයිසි ද මියගොස් තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායල ගුවන් කඳවුරු වෙත මිසයිල ප්‍රහාර 200කට අධික ප්‍රමානයක් එල්ල කර ඇත.

මේ වන විට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ලෝක නායකයන් පූර්ණ පරිමානයේ යුද්ධය කිසිවකුගේ අවශ්‍යතාවක් නො වන හෙයින් සන්සුන්ව සිටින ලෙස දෙපාර්ශවයෙන්ම ඉල්ලා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...