ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණය මේ සතියේ

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):

පසුගියදා පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය යළි පවත්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙම සතිය ඇතුළත තීරණයක් ගැනීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එම තීරණය ගැනීම ප්‍රමාද වෙමින් පවතින්නේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අතුරු වාර්තාවක් හෝ විභාග දෙපාර්තමේන්තුවට මෙතෙක් නොලැබීමය. අනුමාන ප්‍රශ්න සාකච්ඡා කළ අලව්වේ ගුරුවරයා සැඟවී සිටීම සිද්ධියට අදාළ පරීක්ෂණ ප්‍රමාද වීමට හේතු වී ඇති බවද පැවසේ.

දැනට අත්අඩංගුවට ගෙන සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් අධ්‍යක්ෂ ඊ.පී.එස්. ප්‍රේමතිලක විසින් ප්‍රශ්න පත්‍ර සකස් කරන මණ්ඩලයට ඉදිරිපත් කළ ප්‍රශ්න 16ම විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලෙස සාකච්ඡා කර තිබෙන බව මේ වන විට අනාවරණය වී තිබේ. එම ප්‍රශ්න 16න් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණි. විභාගයට පෙර එම ප්‍රශ්න 16ම සාකච්ඡා කර තිබෙන හෙයින් එම ප්‍රශ්න පිට වී ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවෙන් නොවන බව තහවුරු වී තිබේ. පරීක්ෂණ පවත්වන අංශවලට ගැටලුවක් වී ඇත්තේ සැලසුම් අධ්‍යක්ෂවරයා සකස් කළ ප්‍රශ්න අලව්වේ ගුරුවරයාට ලබා දුන්නේ ද නැතහොත් අලව්වේ ගුරුවරයා සකස් කළ ප්‍රශ්න සැලසුම් අධ්‍යක්ෂවරයා ලබා ගෙන ඒවා ප්‍රශ්න පත්‍ර සකස් කරන මණ්ඩලයට ලබා දුන්නේද යන්නය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පත් කරන ලද කමිටුව අලව්වේ ගුරුවරයාගේ නිවසට ගොස් ප්‍රකාශයක් ගෙන තිබූ අතර එහිදී ඔහු පවසා ඇත්තේ එම ප්‍රශ්න තමන් සකස් කළ බවට තහවුරු කළ හැකි ලේඛන ඉදිරිපත් කළ හැකි බවය.

තවද සබරගමුව පළාතේ පාසලක සිට විභාග දෙපාර්තමේන්තුවට පැමිණ මේ වන විට විශ්‍රාම ගොස් සිටින නිලධාරියෙක් සම්බන්ධ වී වසර අටක සිට ප්‍රශ්න පත්‍ර මුදලට අලෙවි කර තිබෙන බවට බුද්ධි අංශ මේ වන විට අනාවරණය කර ගෙන ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...