රජයක් බලයට පත්වූ සැණින් සහන බලාපොරොත්තු වෙන්න එපා.රජයට සහය වෙන්න!

Date:

කොළඹ LNW: රජයක් බලයට පත්වූ සැණින් සහන අපේක්ෂා කළ යුතු නැති අතර එම කටයුතු ක්‍රමානුකූලව සිදුකිරීමට ජනතාව බුද්ධිමත්ව රජයට සහය දිය යුතු වන බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි.

පවතින ආර්ථික අර්බුදයත් සමඟ වත්මන් රජයට පමණක් නොව කිසිදු රජයකට ක්ෂණිකව සහන දීමේ හැකියාවක් නැති බවයි දුනුසිංහ මහතා සඳහන් කරන්නේ.

”රජයක් බලයට පත්වූ විගස විවිධාකාර සහන අපේක්ෂා කළ යුතු නැහැ. අපි දන්නවා රට ආර්ථික අර්බුදයක ඉඳලා ගොඩ ඇවිත් යම් ධනාත්මක තත්ත්වයක් ඇති කරගෙන තිබෙන්නේ. යම් ආර්ථික ස්ථායිතාවක් ඇතිකරගෙන තියෙන්නේ. මෙතැන් සිට තවත් දුර යා යුතුයි. ඇගට දැනෙන වෙනසක් ඇති වෙන්න,ඇගට දැනෙන සහනයක් ඇතිවෙන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි ජනතාව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම. නව රජය බලයට පත් වූ විගස ජීවන බර සැහැල්ලු වෙයි, රැකී රක්ෂා සුලභ වෙයි, ආදායම් තත්ත්ව ඉහළ යයි.යනාදී අපේක්ෂා කෙටි කාලීනව ගොඩනැගීම යහපත් වෙන්නේ නැහැ. පවත්නා ආර්ථික යතාර්ථය තුළ යම් කාලයක් ගතවේවි රජය කටයුතු කරන ආකාරය අනුව යම් කාලයක ගතවෙයි ආර්ථික කටයුතු ප්‍රවර්ධනය තුලින් යම් සහනයක් ලබා ගැනීම සඳහා. මේ නිසා ජනතාවගේ පැත්තෙන් යම් ඉවසීමක් අවශ්‍ය වෙනවා රජයට යම් ඉඩ දීමක් අවශ්‍ය වෙනවා අදාළ ක්‍රියාමාර්ග ක්‍රමානුකුලව අරගෙන ඉදිරියට යාමට. බොහෝ විට සිදුවෙන දේ තමයි ජනතාව ඉතා ඉක්මණින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. වත්මන් රජයකට පමණක් නොව කිසිදු රජයකට එවැනි හැකියාවක් යතාර්ථවාදීව නැහැ. විශේෂයෙන් මෙවන් ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් හමුවේ.” යනුවෙන් දුනුසිංහ මහතා වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...