ශ්‍රී ලංකා පාපන්දුවට පරාජයන් දෙකක්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 25, (LNW) කොළඹ :

අවුරුදු 17 න් පහළ දකුණු ආසියානු පාපන්දු සූරතාවය යටතේ භූතානයේ තිම්පු නුවර දී ශ්‍රී ලංකාව සහ නේපාල අවුරුදු 17 න් පහළ කණ්ඩායම් මුණ ගැසුණු අතර එහිදී නේපාලයට 4-0 ක් පහසු ජයක් හිමි වුණා.
මෙම තරගයේ දී පළමු අර්ධය නිමා වන විට නේපාලය 3-0 ක් ලෙස ඉදිරියෙන් සිටි අතර දෙවන අර්ධයේ දී ශ්‍රී ලංක ගැටවරයන් යම් ආකාරයක පීඩනයක් ගොඩ නඟමින් නේපාලයේ ප්‍රහාරය පාලනයට හසු කර ගත්තත් 84 වන මිනිත්තුවේදී පළමු ගෝල තුනම රැස් කළ සුජාන් දන්ගෝල් වෙනුවට බිග්යාන් ඛද්කා ක්‍රියාත්මක වෙමින් සිව්වන ගෝලයද නේපාලයට ලබා දුන්නා.


මේ අතර ටජිකිස්තානයේ දුෂාන්බේ හී පැවති අවුරුදු 20 න් පහළ 2025 ආසියානු අවුරුදු 20 න් පහළ තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගයකදී ශ්‍රී ලංකාව සත්කාරක ටජිකිස්තානය අතින් 3-0 ක් ලෙස පරාජයට පත් වුණා.එහිදී ද ශ්‍රී ලංකාව පළමු අර්ධයේ දී 2-0 ක් ලෙස ඉදිරියට යාමට ටජිකිස්තානයට අවස්ථාව දුන්න ද,දෙවන අර්ධයේ දී අවස්ථාව දුන්නේ එක් ගෝලයක් රැස් කිරීමට පමණයි.


තරගයේ දෙවන මිනිත්තුවේදී ම ටජික්ස්තානයේ බොබෙව් එම පිළට ගෝල ලබා දීම ඇරඹුව අතර 45 වන මිනිත්තුවේදි සහ 54 වන මිනිත්තුවේදී ගුෆුරොව් ටජිකිස්තානය වෙනුවෙන් ගෝල 2 ක් රැස් කරනු ලැබුවා.
අවුරුදු 17 න් පහළ නේපාල – ශ්‍රී ලංකා තරගයේ අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට ලක්වූ 17කට හවුති අධිකරණයෙන් මරණ දඬුවම!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු...

ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 23, කොළඹ LNW : ජාතික ඖෂධ...

නරේන්ද්‍ර මොදිගේ නව කම්කරු නීති වලට වෘත්තීය සමිති විරුද්ධ වේ; රට පුරා විරෝධතා කැඳවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නරේන්ද්‍ර මොදීගේ...

වියට්නාමයට බලපෑ ගංවතුර හේතුවෙන් 90 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 23: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වියට්නාමයට දින...