*
Wednesday, September 25, 2024
spot_img

Latest Posts

හරිනිට විසි දෙවැනි තැන එහෙත් පළමු වැන්නිය

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 25, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරු මීට පෙර විසි එකක් ඉඳ තිබේ.අද පත් වුණ ක්‍රීඩා අමාත්‍යවරිය සහ අග්‍රාමාත්‍යවරිය වන හරිනි අමරසූරිය 22 වැන්නිය වේ.එසේම කාන්තාවක් පළමුවරට ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත්විම ද හරිනිගෙ පත්විමත් සමග සිඳු වේ.


ලංකාවෙ පළමු ක්‍රීඩා අමාත්‍යවරයා වී.ඒ්.සුගතදාස ය.දෙවැන්නා වූ කේ.බී.රත්නායක සමයේ ක්‍රීඩාවට නිවැරදි පරිපාලනමය ආවරණයක් තනා දීම පිණිස ක්‍රීඩා පණත හඳුන්වා දුන්නේය.අද වන විට එය කාලයත් සමඟ යාවත්කාලීන නොවීමේ ගැටළුව නිසා පරණ හණි මිටියක බර නිසා ක්‍රීඩාව මත අනවශ්‍යය පිඩනයක් ගොඩ නැඟෙමින් ඇත.
වින්සන්ට් පෙරේරා අමාත්‍යවරයා සිටියේ තෙවන ක්‍රීඩා ඇමති හැටියටය.නන්ද මැතිව් සමය ද වැදගත්ය.පළමු වරට කෘතිම ධාවන පථයක් ලංකාවට ලැබෙන්නේ සහ පළමු වරට දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලක් ලංකාවේ සංවිධානය වන්නේ එම කාල වකවානුවේදී ය.නන්ද මැතිව්ගෙන් පසුව පත්වන ඇමති එස්.බී.දිසානායකය.ක්‍රීඩක සුබ සාධනය ගැන,ක්‍රීඩක අනුග්‍රහ ගැන වඳ වුණ ඒ කාලය ජයග්‍රහණ ද සුවිශේෂී විය.එහෙත් භාවිතාවේ අර්බූද නිසා අවසානයට වතුර ඇඳි කළය බිඳ ගත්තේය.ඒ් මොළය නැතිකම නොතිබිණිනම් ඉන් පසුව ඒ් ඇමති පුටුවට ඒ් කාලයේම මංගල සමරවිර හෝ ලක්ෂමන් කිරිඇල්ල එන්නේ නැත.
කිරිඇල්ලගෙන් පසුව ක්‍රීඩා ඇමති පුටුව දරන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ය.ඉනික්බිති ජීවන් කුමාරණතුංගය.ඊටත් පසුව ඇමති දූරයට එන්නේ ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා ය.එතනින් පසුව සී.බී.රත්නායක ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත්වන අතර තවත් වැදගත් කාල පරිච්ඡේදයක් බවට පත්වෙමින් තිබුණ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍ය ධූරය දැරූ අවධිය ඔහුගේ දේශපාලන සඟයන් සහ නායකයන්ගේ අත පෙවීම් එක්ක හැකිලී ගොස් චෝදනා ගොන්නකට ඔහු ද භාජනය වන්නේය.
අනතුරුව නවීන් දිසානායක ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් විය.පසුව ඊට එකතු වන්නේ දයාසිරි ජයසේකර ය.ඊටත් පසුව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්වන්නේ ෆයිසර් මුස්තාෆා ය.හරින් ප්‍රනාන්දු පළමු වරට ක්‍රීඩා අමාත්‍යවරයා වන්නේ ෆයිසර් මුස්තාෆාට පසුවය.දෙවරක් ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත් පළමු වැන්නා ලෙස හරින් වත්මන් ඇමතිණියට පෙර විසි එක්වන ක්‍රීඩා ඇමති හැටියට ද ක්‍රියාත්මක කළේය.
පලමු වරට හරීන් පත් වූ පස්ව ඊ ළඟ ක්‍රීඩා අමාත්‍යවරයා වූයේ ඩලස් අලහප්පෙරුම ය.රාජකීය කුමාරයා ලෙස හැසිරෙන නාමල් රාජපක්ෂ හිටපු රගර් නායකයෙක් ලෙස ක්‍රීඩා අමාත්‍ය ධූරයේ අසුන් ගත් මොහොතේ කළේ,ඉතාම උපක්‍රමිකව තමා ක්‍රීඩා කළ රගර්ම තහනම් කරන්නට උත්සාහ කිරීමය.එහෙත් අධිකරණයෙන් ඊට ඉඩක් නොලැබිණි.


නාමල්ගෙන් පසුව ආ තේනුක විදානගමගේට පසුව ආ රොෂාන් රණසිංහ ඉතිහාසගත ක්‍රීඩා ඇමති කෙනෙකි.ඔහුගේ සමයේ ක්‍රිකට්,පාපන්දු සහ රගර් වැනි ලෝකයෙන් බොහෝ දේ ලැබෙන ක්‍රීඩා තුනම දේශපාලන බලපෑම් මත තහනම් කර දැමීය.වැදගත්ම දේ නාමල් සහ රොෂාන් යන දෙදෙනාම මෙවර ජනාධිපතිවරණයට ද ක්‍රීඩා විෂයය පවා පාලනය කර ගන්නට නොහැකි මට්ටමේ සිටියදී රට පාලනය කරන්නට ඡන්දය ඉල්ලා පැමිණීමය.ජනතාව ඊට හොඳ පිළිතුරු ලබා දී ඇත.
අවසානයට හරීන් ළඟට පැමිණ දැන් හරිනි ළඟට පැමිණ ඇත.ඇය පළමු ක්‍රිඩා අමාත්‍යවරිය වන්නේය.තවත් බොහෝ නොවිසඳුණු ගැටළු තිබියදී හරිනිට මූලික වශයෙන් පමා වූ නිලවරණ ටික හෝ හරියට පවත්වා ගන්නට ලැබේද යන්න දෙස අපි විමසිලිමත්ව ඉන්නෙමු.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan