මාලිමාවට සරළ බහුතරය හිමිවෙන්න ඕනේ – ගම්මන්පිල

Date:

කොළඹ LNW:පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සරළ බහුතරය හිමිවිය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

රටක් හැදීමට තුනෙන් දෙකක බලය කිසිවෙකුට හෝ හිමිවිය යුතු නැති බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

”මම කියන්නේ මාලිමාවට සරළ බහුතරය ලැබිය යුතුයි.අපි දැක්කා ලංකා ඉතිහාසයේ විනාශයන් සිදුවුණේ තුනෙන් දෙකක බලයක් තිබුණ ආණ්ඩුවලට. මුලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තුනෙන් දෙකක බලයක් ලැබුණා 1970. ප්‍රතිඵලය ආසන 08ට වැටිලා අවුරුදු 17ක් විපක්ෂයේ හිටියා. දෙවනුව ජේ.ආර්.ජයවර්ධන මහත්තයට තුනෙන් දෙකක බලයක් ලැබුණා ප්‍රතිඵලය ඒ ආණ්ඩුව පරාජයට පත්වූ දවසේ සිට අද දක්වා ජනතා වරමින් එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් පත්කර ගන්න බැරි වෙලා තිබෙනවා. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයට තුනෙන් දෙකක් ලැබුණා. ප්‍රතිඵලය ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධනයක් කරපු කොටි ත්‍රස්තවාදය පරාජය කරපු ජනාධිපතිතුමාට තමන්ගේම ලේකම්ට පැරදිලා ගෙදර යන්න වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තුනෙන් දෙකක බලයක් ලැබුණා. ප්‍රතිඵලය ජනතාව විසින් පලවා හරින තැනට තල්ලු වුණා. ඒ නිසා තුනෙන් දෙකක බලයක් කියන්නේ ආලෝකය පතුරන ආලෝකය විසින් බලය තියෙන කෙනා දවා අළු කරන ගිනිගුලියක්. කිසිවෙකුට හෝ රට හදන්න නම් තුනෙන් දෙකක බලයක් හිමි නොවිය යුතුයි. මොකද අපි දන්නවා මහින්ද රාජපක්ෂ යෝධ සංවර්ධනයක් කළේ කොටි ත්‍රස්තවාදය පරාජය කළේ තුනෙන් දෙකක තියා දෙකෙන් එකක්වත් පාර්ලිමේන්තුවේ නැතුව.” යනුවෙන් ගම්මන්පිල මහතා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...