ශ්‍රී ලංකාවට හොඳ දවසක්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 27, (LNW) කොළඹ :

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා -නවසීලන්ත දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය නිමාවේ දී ශ්‍රී ලංකාව ඉතා යහපත් ලකුණු පූවරුවකට හිමිකම් කියන්නට සමත්ව සිටිනවා.දිිනේෂ් චන්දිමාල් තමන්ට හිමි වූ අංක තුන ස්ථානයේ වගකීමට යළිත් සාධාරණයක් ඉටු කරමින් අගනා ලකුණු 116 ක් රැස් කරන්නට සමත් වුණා.

ශ්‍රී ලංකා ලකුණු පූවරුව 2 ක් ව තිබියදී පැතුම් නිශ්ශංක දැවී ගිය අතර ඉනික්බිති දිමුත් කරුණාරත්න සමඟ එක් වූ චන්දිමාල්, දිමුත් සමඟ දෙවන කඩුල්ලට ලකුණු 122 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.දිමුත් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් සමඟ තෙවන කඩුල්ලට තවත් ලකුණු 97 ක සබඳතාවක් පවත්වනු ලැබීමෙන් ඉනික්බිති දැවී ගියා.

චන්දිමාල්ගේ දැවී යාමෙන් ඉනික්බිති පිටියට පිවිසි වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීයම පිතිකරු බවට පත් වී සිටින කමිඳු මෙණ්ඩිස් ඊයෙ දිනය නිමවන විට පන්දු 56 න් ලකුණු 51 ක් ලබා නොදැවී සිටිනවා.පරිණත මැතිව්ස්, කමිඳු සමඟ තෙවන කඩුල්ලට නොබිදුණු ලකුණු 85 ක සබඳතාවක් ගොනු කරමින් නොදැවී ලකුණු 78 ක් ලබා සිටිනවා.

නවසීලන්ත පන්දු යවන්නන් අතරින් නායක ටිම් සවුති ලකුණු 54 ට කඩුල්ලක් සහ ගේන් පිලිප්ස් ලකුණු 33 ට කඩුල්ලක් ලබා  ගන්නට සමත් වුණා.පළමු ඉණිමේ පළමු දිනයේ සම්පූර්ණ ගෞරවය ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් අත් කර ගෙන සිටින මේ තරගයේ දෙවන දිනය ද සැළසුම් සහගතව  ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් විශාල ලකුණු ගණනකට රැගෙන ගියහොත් අවසාන දින තුන නවසීලන්තය දුශ්කර අවස්ථාවකට මුහුණ දෙනු නිසැකය.ප්‍රභාත් ජයසූරිය සහ ටෙස්ට් වරම් අලුතෙන් ලද නිශාන් පීරිස් එම දුශ්කර තත්ත්වයට නවසීලන්තය රැගෙන යන කසකරුවන් වෙනු ඇත.

තරගයේ ලකුණු පූවරුවට මෙතැනින් පිවිසෙන්න. :https://www.espncricinfo.com/series/sri-lanka-vs-new-zealand-2024-1447091/sri-lanka-vs-new-zealand-2nd-test-1447097/live-cricket-score

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...