ෂිගෙරු ඉෂිබා ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ (LDP) නායකත්ව මැතිවරණයෙන් ෂිගෙරු ඉෂිබා ජයග්‍රහණය කර ඇති අතර ඔහු රටේ මීළඟ අගමැතිවරයා වශයෙන් දියුරුම් දීමට සුදානම් බව වාර්තා වේ.

අද(27) දිනයේ පැවති මැතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමේදී අපේක්ෂකයින් 9 දෙනාගෙන් කිසිවකුට බහුතරයක් ලබා ගැනීමට නොහැකිවීම හෙතුවෙන් දෙවන වටයේදී 67 හැවිරිදි හිටපු ආරක්ෂක අමාත්‍යෂිගෙරු ඉෂිබා ආර්ථික ආරක්ෂක අමාත්‍ය Sanae Takaichi (63) පරාජයට පත් කරමින් 215-194ක් ලෙස දැඩි තරඟයකින් ජයග්‍රහණය කර ඇත.

ෂිගෙරු ඉෂිබා ආරක්ෂක විශේෂඥයෙකු ලෙස සැලකෙන අතර ඔහු ඔක්තෝබර් 1 වනදා පාර්ලිමේන්තුවේදී එරට 65 වැනි අගමැති ලෙස නිල වශයෙන් දිවුරුම් දීමට නියමිත වන තර ඔහුගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් දේශපාලන ප්‍රවීනයන් සඳහන් කරන්නේ LPD ප්‍රවීණයෙකු ලෙස සැලකෙන ඉෂිබාට මෙය විශිෂ්ට ජයග්‍රහණයක් වන බවයි.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ෂිගෙරු ඉෂිබා සඳහන් කර තිබුණේ, ‘ජනතාව විශ්වාස කරන්න, නිර්භීතව සහ අවංකව සත්‍යය කතා කරන්න, මේ රට නැවත වරක් සිනහමුසු මුහුණින් ජීවත් විය හැකි ආරක්ෂිත සහ ආරක්ෂිත ස්ථානයක් බවට මේ රට පත් කිරීමට මම මගේ උපරිමය කරන්නෙමි’ යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...