විපක්ෂෙට එකතු වෙන්න බැරි නම් අනුරටම දීලා දාන්න තියෙන්නේ – හරීන්

Date:

කොළඹ LNW:මේ මොහොතේ හෝ විපක්ෂයට එකතු වීමට නොහැකි නම් අනුරටම ඉතුරු ටිකත් දීලා දාන්න තියෙන්නේ යනුවෙන් හිටපු අමාත්‍යවරයෙකු වන එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (27) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේ පැවති රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.

”හැමෝම එකතු වෙන දේ තමයි හොඳම දේ. ඒක තමයි මගේ පෞද්ගලික අදහස. මේ වෙලාවෙත් එක එක කට්ටිය තමන්ගේ දේවල් ඉදිරිපත් කරනවා. ඒක ප්‍රශ්නයක්. රට වෙනුවෙන් විපක්ෂය මේ වෙලාවේ එකතු වෙන්න බැරි නම් ඕක අනුරටම දීලා දැම්මනම් හොඳයි.”

රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගැනීමට සූදානම් වන්නේද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා කියාසිටියේ එවැනි දෙයක් පෙනෙන්නට තිබෙන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...