පා. මැතිවරණයේ මූලික කටයුතු සඳහා රු. බි. 05ක් නිදහස් කරයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 11 ක මුදලක් වැය වෙතැයි මැතිවරණ කොමිෂන් සභාව ගණන් බලා තිබූ අතර, ඉන් පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු සඳහා මැතිවරණ කොමිෂන් සභාවට රජය රු. බි. 05ක මුදලක් මුලින් ලබාදීමට කටයුතු යොදා ඇත.

මැතිවරණයේ මුද්‍රණ වියදම් සඳහාද ඉකුත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයට වැයවූ මුද්‍රණ වියදම් මුදල මෙන් පස් ගුණයක් පමණ වැය වෙතැයි රජයේ මුද්‍රණාලය සඳහන් කරයි.එමෙන්ම, පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප ගණන් කිරීමට සිදුවන නිසා මැතිවරණ දිස්ත්‍රික්ක 22 තුළ පිහිටුවන ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනාධිපතිවරණයේදී එක් ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් තුළ ඡන්ද 18,000 ක් ගණන් කිරීම සිදු කෙරුණු බවත් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඒ පක්ෂ ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට අමතරව පක්ෂවල අපේක්ෂකයන් ගත් මනාප සංඛ්‍යාව ගණන් කිරීමට සිදුවන නිසා ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් තුළ ගණන් කිරීමට සිදුවන්නේ ඡන්ද 10,000 ක් පමණ බව තේරීම් භාර නිලධාරීහු පවසති.

එබැවින් ගණන් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව සහ නිලධාරීන් සංඛ්‍යාව වැඩි කිරීමට සිදුවන බවද තේරීම් භාර නිලධාරීහු පෙන්වා දෙති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...