*
Monday, September 30, 2024
spot_img

Latest Posts

දරුණුකම පරදා ලොව දිනන හීන දකින ගෙවින්

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 30, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ පවතින සටන් කලාවන් අතර Muay Thai යනු මේ වන විට ජනප්‍රිය වෙමින් පවතින සටන් කලාවක්.සාමාන්‍ය බොක්සිං අත් ආවරණ යොදා ගෙන තරග වඳින මේ ක්‍රීඩාවේ Kard Chuek යනු තරමක් වෙනස් අංගයක්.එහිදී අත් ආවරණ වෙනුවට වෙළුම් පටි විශේෂයක් යොදන අතර ඒ නිසා එම සටන් අංගයේ දී එල්ල වන ප්‍රහාරයන් තදින් එල්ල වෙනවා.
මේ අවදානම් ක්‍රීඩාවේ ශ්‍රී ලාංකේය සළකුණ බවට පත්ව සිටින්නේ 24 හැවිරිදි ගෙවින් ලින්ඩන් ය.ඔහු තායිලන්තයේ පැවති තායි ෆයිට් ලීග් තරගයකදී කිටිසාක් සිචත්පාඕ නම් ක්‍රීඩාවේ විශාල අත්දැකීම් සහිත ක්‍රීඩකයෙකු ඉදිරියේ පරාජයට පත් විය.ජාත්‍යන්තර මට්ටමේ තරග 70 ට සහභාගි වූ සිචිත්පාඕ ට ඒ සඳහා විශාල කාලයක් බලා සිටින්නට අවශ්‍යය වන්නේ නැත.


Muay Thai උපන් තායිලන්තයේ නිරන්තරයෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් උසස් Muay Thai තරග සංවිධානය වීම සාමාන්‍ය දෙයක්ය.එවැනි තත්ත්වයකට ළඟා වීමට ක්‍රීඩකයෙකුට අවශ්‍යය අත්දැකීම් අතින් දුප්පත් ලින්ඩන් මේ වන විට සිය පුහුණුව පවත්වාගෙන යන්නේ සහ වෘත්තීය ජීවිතයට අත්දැකීම් ලබා ගන්නේ Vanquish Muay Thai and Fitness හී සහය පුහුණුකරුවෙක් ලෙස ක්‍රීඩාව උගන්වමින් සහ සිය පවුලෙන්,පවුලේ හිතමිතුරන්ගෙන් සහ සිය හිත මිතුරන්ගෙන් ලැබෙන ආදරය මත තරගවලට සහභාගි වෙමින්ය.
ගෙවින්ගේ දේශිය පුහුණුකරුවා විමුක්ති අබේනායකය.තායිලන්ත පුහුණුකරු වන්නේ නිට්ටායාපෝර්න් ය.මේ සියල්ලගේ දැණුම සමඟ ගෙවින්ගේ ඉලක්කය වී ඇත්තේ 2027 වන විට ලොව පුරා සිටින හොඳම සටන් කරුවන් ගැටෙන වන් සූරතාවලියට (ONE Championship) සහභාගි වන්නටය.බැලූ පැල්මට වසර තුනකි.ළඟදී සැබෑ කරන්නට දකින සිහිනයකි.එහෙත් එහි දුර දිගු වන්නේ ජාත්‍යන්තර පිටියේ දිගින් දිගටම රැඳෙමින් තරග වඳින්නට,තරග අත්දැකීම් ලබන්නට ඒ වෙනුවෙන්ම වෙන් වුණු අනුග්‍රාහකත්වයක් නැතුව නොහැකි බැවින් ය.
මේ වන විටත් ගෙවින් Kard Chuek අංශයේ ශ්‍රී ලංකාවේ ජාතික සූරයාය.ජාත්‍යන්තර මට්ටමෙන් ද යම් යම් කැපී පෙනෙන ජයග්‍රාහි සටහන් ඔහු තබා ඇත.එසේම කොළඹ ගේට්වේ විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ගෙවින් මේ වන විට මනෝ විද්‍යාව සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ලැබූ එහි ද වෘත්තීය සුදුසුකම් සපුරා ඇති උගත් ක්‍රීඩකයෙකි.
ගෙවින් ගැන ඉදිරි දවසක ලියන්න මේ ඉඩ මදි වෙනකම් දස්කම් දක්වන්න හැකි වෙන්නැයි අපි ඔහුට සුබ පතමු!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan