*
Tuesday, October 1, 2024
spot_img

Latest Posts

දැන් තමයි රගර් නිවැරදි වෙන්න වෙලාව

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 01, (LNW) කොළඹ :

හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ඔහු විසින් පත් කරන්නට යෙදුණ ඔම්බුඩ්ස්මන්වරයාට ශ්‍රී ලංකා රගර් සභාපතිවරුන් දෙදෙනෙක් වන අසංග සෙනවිරත්න සහ ලසිත ගුණරත්න යන දෙදෙනාට එරෙහිව චෝදනා ගොනු කරන්නට යෙදිණි.එම චෝදනා ගොනු කළේ ද හිටපු රගර් සභාපතිවරයෙකු වූ රිස්ලි ඉල්ලියාස් ය.එම චෝදනාවලින් කියා සිටියේ දෙදෙනාගේම පාලන සමයේ මූල්‍ය භාවිතය සම්බන්ධයෙන් විධිමත් විගණනයක් කරන ලෙස මෙන්ම අසංග සෙනවිරත්න සභාපතිවරයාව සිටියදී විදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට අනීතික ලෙස ක්‍රීඩා කරවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර රගර් සම්මේලනය පවුම් 50000 ක දඩයක් නියම කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙසය.එහිදී ඒ මොහොතේ දී ඔම්බුඩ්ස්මන්වරයා සිය කාල සීමාවන්ට අදාළ නොවුණත් හිටපු ආගමන විගමන පාළකවරයෙක් නිසා ඇති අත්දැකීම් සහ වරදේ බරපතලකම තේරුම් ගෙන අමාත්‍යවරයාට,ලේකම්වරයාට මෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වීමට කරුණු ඇති බව දන්වා එය යහපත් බවද යෝජනා කර ලිපි යැව්වේය.


එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සිඳු වී නැත.
පළමු මොහොතේ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම පමා කළ බැවින් ඒවා ශ්‍රී ලංකා රගර් ක්‍රීඩාවේ පරිපාලනය අඩාල කරන්නට බලපෑවේ කොස්ද යන්න රිස්ලි ඉල්ලියාස් අවස්ථා ගණනාවකදී පැහැදිළි කළ ද,ඔහුට හෝ ශ්‍රී ලංකා රගර්වලට සාධාරණය ඉටු වුණේ නැත.


අසංග සභාපතිවරයාව සිටියදී හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කණ්ඩායමේ නායකයාව සිටියේය.ඔහු අමාත්‍යවරයා වන විට සභාපති පදවියට පත් වූයේ රිස්ලි ඉල්ලියාස්ය.එම නිසා අසංග සෙනවිරත්න එම තනතුරට හෝ බලය ඇති රගර් පුරවැසියා බවට සම්මේලනය හරහා පත් කිරීමට නාමල් ට ඕනෑ විය.ඒ වන විට පවුම් 50000 ක දඩය සම්බන්ධයෙන් අසංගලා කර තිබුණේ තමන්ගේ වරදේ වගකීම ශ්‍රී ලංකා රගර් මත පටවා මෙරට රගර් සංවර්ධනය වෙනුවෙන් ලැබෙන මුදලින් එම මුදල කොටස් වශයෙන් අය කර ගැනීමට යෝජනා කිරීමය.එයට ජාත්‍යන්තර රගර් සම්මේලනයේ අදාළ නිලධෘරියා එකඟ වීම ගැන ද දැන් විශාල සැක සංකා මතුවෙමින් ඇති අතර,කෙසේ වුව ද,පුද්ගලයන් වැරදි තීරණ ගෙන රටක ක්‍රීඩාවට හානියක් කළ විට,එම පුද්ගලයන්ගෙන් හානිය පියවන්නේ නැතුව අදාළ ක්‍රීඩාවටම බලපාන පරිදි හානි කිරීම සදාචාරාත්මක නැත.


නීතිය නිවැරදිව ඉටු නොවීම නිසා නාමල් රාජපක්ෂ අමාත්‍ය ධූරයට පත්වන විට මෙන්ම දැන් ද අසංග සෙනවිරත්නට මුළු ආසියාවට බලපාන තනතුරක් ගෙන ආසියානු සභාපතිවරයාගේ ආශිර්වාදයෙන් වැජඹෙන්නට හැකි වී ඇත.ඉල්ලියාස්ගේ ඊ ළඟ ප්‍රධාන චෝදනාව එල්ල වන ලසිත,නාමල්ගෙන් පසුව ක්‍රීඩා ඇමති පදවියට පත් රොෂාන් රණසිංහට උපදෙස් සපයන මණ්ඩලයේ සාමාජිකයෙකු විය.විශේෂයෙන් අසංග ආසියානු සභාපතිවරයා සමඟ සෘජුව නාමල්ට රගර් සම්බන්ධ ගණුදෙනුවක් සකස් කළ අතර ඒ අනුව දේශීය අනුග්‍රාහකයන් පවා ආසියාවට අනුග්‍රහය දැක්වීමට කැඳ වූයේ දේශිය රගර් පිටිය අසරණ කරමින්ය.එසේම ආසියානු සභාපතිවරයා සමඟ එක්ව චෝදනාලාභි අසංග ශ්‍රී ලංකා රගර් උපදේශන කමිටුවක් පත් කර එහි සභාපතිවරයා කර කරන්නටද නාමල් කටයුතු කළේය.


ඒ සම්බන්ධයෙන් ඉල්ලියාස්ගේ නායකත්වයෙන් යුත් රගර් පරිපාලනය විසින් යහපත් ප්‍රතිචාරයක් නොදැක් වීය.එපමණක් නොව ශ්‍රී ලංකාවේ රගර් පරිපාලනය මඟහැර ආසියානු සභාපතිවරයා සෘජුව ඇමති සමඟ එක්වී කරන බාධා කිරීම සහ අතපෙවීම්වලට විරුද්ධව ඉල්ලියාස් පෞද්ගලිකව ආසියානු සභාපතිවරයාට චෝදනා කරමින් කළ වට්ස්ඇප් සංවාදය හේතු කරගෙන පළමුව ඉල්ලියාස් සහ දෙවනුව ශ්‍රී ලංකාවේ රගර් ද තහනම් කෙරිණ.
මේ තහනම් කිරීම් නාමල් රාජපක්ෂ සහ රොෂාන් රණසිංහ යන දෙදෙනාම කළත් එය නීතියට අනුව ගත හැකි තීරණයක් නොවන බව අධිකරණය ඉදිරියේ සනාත වුව ද,ලංකාවේ දේශපාලකයෝ ද,ආසියානු සභාපතිවරයා ද එක්ව ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවට කරන හරස් කැපීම් නිසා රගර් ගැන සිතා ඉල්ලියාස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීය.
තනිව අනුග්‍රාහකයන් සොයා ගනිමින්,සැළසුම් සකස් කරමින්,පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලදි වෙනදාට වඩා දස්කම් දක්වන කණ්ඩායමක් සකස් කරන්නට නායකත්වය දෙමින්,අලුත් තරගාවලි සඳහා දෙස් විදෙස් සහය ගෙන රගර් ව්‍යාප්තිය විහිඳුවාලමින් ඉල්ලියාස් කරගෙන ගිය වැඩ පිළිවෙල ඉදිරියේ ඔහුට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රටේ ක්‍රීඩාව භාර දේශපාලන නායකත්වය සාධාරණ පරීක්ෂණයක්වත් නො‘ඉල්ලා ආසියානු සභාපතිගේ සපත්තුවට බැස ඒ පාරේම ගමන් කරන තත්ත්වයක් තුළ ඉල්ලියාස්ට තිබුණේ තනතුර දමා රටේ රගර් පවත්වා ගෙන යන්නට සහය වීම පමණි.
එහෙත් ඔහු මේ වන විට වැරදි කළ පුද්ගලයන්ට දඩුවම් නොදීම නිසා ඒ තත්ත්වය ඇති වී තිබෙන බව තේරුම් ගෙන අලුත් අමාත්‍යවරිය දෙස තමන්ට වඩා ක්‍රීඩාවට සාධාරණයක් ඉටු කරන්නට ඇය මැදිහත් වෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටින්නේය.එසේම මේ වන විට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධානියා අධිකරණමය තීන්දුවක් නිවැරදිව ඉටු නොකරමින් නිලවරණය සම්බන්ධ කටයුතු පමා කරමින්,ක්‍රිඩා සමාජ කිහිපයකට ලංකාවේ රගර් බලය ලැබෙනාකාරයට ව්‍යවස්ථාව පවා වෙනස් කරන්නට උත්සාහ කරන බව ද අමාත්‍යවරියගේ අවධානයෙන් හෝ වෙනස් විය යුතු බව පෙන්වා දෙන්නේය.


මේ වන විට රටේ අගනගරය කේන්ද්‍ර කර ගනිමින් පවතින ක්‍රීඩා සමාජවල ප්‍රභූන්ගේ ඇසුර යොදා ගෙන වත්මන් අග්‍රාමාත්‍ය සහ ක්‍රීඩා අමාත්‍යතුමිය හරහා ද, මේ දක්වා වැරදි කළ අයව සඟවන්නටත්,ඒ ප්‍රභූන්ගේ මාර්ගයෙන් අමාත්‍යවරියගේ ආශිර්වාදය ගෙන ව්‍යවස්ථාව ක්‍රීඩා සමාජ කිහිපයකට හසුරුවන්නට හැකි ලෙස පාලනය කරන්නටත් ඇහෙන වහසි බස් අතරේ රිස්ලි ඉල්ලියාස් විශ්වාස කරන්නේ, “ලංකාවෙ විතරක් නෙමෙයි,ලංකාවෙ අය එක්ක එකතු වෙලා කැත වැඩවලට අනුබල දෙන ලෝක හොරුත් අල්ලන්න අවස්ථාව පැමිණ ඇති බවය.
අපි බලා සිටින්නෙමු! කෙසේ වුව ද,සාධාරණත්වය සහ සදාචාරාත්මක බව පවතින නීතිගරුක සමාජයක වැරදිකරුවන්ට සුජාත ලීලාවෙන් පෙනී සිටින්නට ඉඩක් නැත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan