නව ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙක් පත්කෙරේ

0
555

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් දෙදෙනෙකු පත්කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, දුමින්ද හුලංගමුව මහතා ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ‍ජ්‍යේෂ්ඨ උපදේශක ලෙසත් ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු මහතා ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ‍ජ්‍යේෂ්ඨ උපදේශක ලෙසත් පත්කිරීමට අනුමත කර ඇත.

මෙම පත්කිරීම් 2024 සැප්තැම්බර් 24 වනදා සිට ක්‍රියාත්මක අතර මෙම පත්කිරීම් සිදුකර ඇත්තේ ගරු සේවා පදනම මත බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේය.