ජනපති අනුර සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් අතර හමුවක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වී තිබේ.

මෙහි දී ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධූරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමූ ජුලී චන්ග් මහත්මිය ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා අඛණ්ඩව වර්ධනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙන්ම ආර්ථික සහ සහ සමාජයීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමත්, දෙරට අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පිළිබඳවත් මෙහි දී විශේෂ අවධානය යොමුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිම්බාබ්වේ පන්දු යවන්නෝ ලාංකේය පිතිකරුවන්ගේ කීර්තිය දවා අළු කරති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 07, කොළඹ LNW: ශ්‍රී ලංකාව ජාත්‍යන්තර විස්සයි...

වැසි තත්වයේ වෙනසක් – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, නැගෙනහිර...

විජේ : තමිල්නාඩුවේ මාලිමාව ….

අද කතාව විජේ ගැන. විජය කුමාරතුංග නෙවෙයි. තලපති විජේ...

ප්‍රශ්නගත කන්ටේනර් 323 සහ මිද්දෙනියේ කන්ටේනර් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කළ බවට...