ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි!

Date:

කොළඹ LNW:ප්‍රශ්න ගත 2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ජනාධිපතිවරයාගේ නියමයෙන් සති දෙකක කාලයක් සඳහා අත්හිටුවා තිබේ.

විභාගයට පෙර ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක පිටවීම සම්බන්ධයෙන් සමාජය තුළ විශාල ආන්දෝලනයක් මතුව තිබෙන අතර ඊයේ (30) එම දෙමව්පියන් පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත විය.

ඒ අනුව ජනාධිපතිවරයා සහ එම දෙමව්පියන් අතර ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ජාවක් ද පවත්වා තිබුණි.

දෙමව්පියන් පවසන පරිදි ප්‍රශ්න තුනක් නොව ප්‍රශ්න 08ක් විභාගයට පෙර පිටවී තිබෙන බවත් දරුවන්ට සාධාරණයක් වෙනුවෙන් පළමු ප්‍රශ්න පත්‍රයට අදාළව විභාගය නැවත පවට්ව්හන ලෙසත් දෙමව්පියන් ඉල්ලීමක් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...