*
Wednesday, October 2, 2024
spot_img

Latest Posts

පොත පත පරිශීලනය කිරීමේ වැදගත්කම ඉදිරි පරපුරට හදුන්වා දිය යුතුයි!

කොළඹ LNW: පොතපත පරිශීලනය කිරීමේ වැදගත්කම ඉදිරි පරපුරට හදුන්වා දිය යුතුව ඇතැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පැවසුවේය.

වත්මන් පරපුර ග්‍රන්ථ පරිශීලනයෙන් ඉවත්වීම නිසා ඔවුන්ගේ තර්කන බුද්ධි හැකියාව සීමිත වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ජාතික කියවීමේ මාසයට සමගාමීව මහනුවර මහ නගර සභාව සංවිධාන සැමරුම් උත්සවය ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කරළිය ශ්‍රවණාගාරයේ දී ඊයේ (01) පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකරවරයා, කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන මතය මේ වන විට ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසා වශයෙන් ඉදිරියට පැමිණ ඇතැයි කීවේය.

ව්‍යාපාරික වශයෙන්, අධ්‍යාත්මික වශයෙන් හෝ විවිධ අංශවලින් පුද්ගලයෙකු අභිවෘද්ධිය කරා පැමිණ ඇත්නම් ඔහු එය ලබාගෙන ඇත්තේ සිය කියවීමේ හැකියාව ප්‍රගුණ කිරීම නිසා යැයි ද හෙතෙම සඳහන් කරන ලදී.

කියවීම මගින් පුද්ගල සංවර්ධනයක් ලැබූ අයෙකු කිසි දිනක සමාජ විරෝධී ක්‍රියාවල නිරත නොවන අතර යාපනය පුස්තකාලය ගිනි බත් වූවේත් අධ්‍යාපනයක් නොලද නොහැකිමුණු පුද්ගලයන්ගේ ක්‍රියා හේතුවෙන් යැයි ද ඔහු පැවසුවේය.

අන්තර්ජාල පොත් පරිහරණය වෙනුවට පුස්තකාලගත ග්‍රන්ථ කියවීම මගින් පුද්ගලයෙකුට වැඩි පොත් ප්‍රමාණයක් පරිශ්‍රීලනය කිරීමට අවස්ථාව හිමිවන බවත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා වැඩිදුරටත් පවසන ලදී.

ජාතික කියවීමේ මාසයට සමගාමීව උසස් ශ්‍රේණි හිමිකර ගත් මධ්‍යම පළාතේ පුස්තකාල සඳහා සම්මාන පිරිනැමිම, දීර්ඝ කාලයක් පුස්තකාල සාමාජිකත්වය ලැබූ පාඨකයන් සඳහා සහතික පත් පිරි නැමීම සහ තෝරා ගත් පුස්තකාල සඳහා පොත්පත් ප්‍රදානය කිරීම ද ආණ්ඩුකාරවරයා අතින් මෙහිදී සිදුවිය.

මහනුවර මහ නගර සභාව සහ මහනුවර ඩී.එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය සංවිධාන කළ මෙම උත්සවය සඳහා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලියු. සුනිල්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර අතිරේක දිස්ත්‍රික් ලේකම් නිලූකා බුලත්ගේ, මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය මංගල කේෂර දිසානායක යන මහත්වරුන්ද පුස්තකාල කාර්යය මණ්ඩල ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan