*
Thursday, October 3, 2024
spot_img

Latest Posts

කෙටි දුර සහය වාර්තා හතරක් අලුත් වෙයි

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 02, (LNW) කොළඹ : ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේ තෙවන දිනය නිමාවන විට නව තරග වාර්තා හයක් අලුත් කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර එහි තවත් විශේෂත්වයක් වූයේ දක්ෂයන් පොකුරු ගැසී කෙටි දුර ධාවනයේ දී සහය දිවීම් වාර්තා හතරක්ම අලුත් කිරීමය.මේ ප්‍රවනතාවය දක්ෂයන් සමූහයකගේ හැකියාවන් පෙන්වන තත්ත්වයක් නිසා එය ක්‍රීඩාවේ දක්ෂතා වර්ධනයට ඇති කර ඇති පෙළඹීම පෙන්නුම් කරන සාධකයක් හැටියට ද ගත හැකිය.

මීටර් 100 අවුරුදු 20 න් පහළ බාලක සහය දීවීමේ තරගය කොළම ආනන්ද විද්‍යාලය විසින් නිමා කළේ තත්පර 41.45 ට ය.එසේම අවුරුදු 20 න් පහළ බාලිකා මීටර් 100 සහය දිවීම ද තරගකාරීත්වයෙන් පිරුණු කණ්ඩායම් දෙකක්ම පැවති වාර්තාව අභිබවා ගිය තරගයක් විය.ජය ගත්තේ කොළඹ ගේට්වේ විද්‍යාලය ය.වාර්තා කළ කාලය තත්පර 48.49 ක් විය.පැරණි වාර්තාව අභිබවා යමින් වත්තල ලයිසියම් විද්‍යාලය ද තත්පර 48.85 ක දක්ෂතාවයක් දක්වන්නට සමත් විය.

අවුරුදු 18 පහළ බාලිකා මීටර් 100 සහය දීවීමේ තරගයේ දී නව වාර්තාවක් තබමින් ජය ගන්නට සමත් වුණේ වත්තල ලයිසියම් විද්‍යාලය ය.එහිදී ඔවුන් තත්පර 49.02 ක දක්ෂතාවයක් දක්වමින් තරගය නිමා කරන්නට සමත් විය.වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලීය අවුරුදු 16 න් පහළ මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම ච එම ඉසව්ව ජය ගත්තේ නව වාර්තාව ඉක්මවා යමින් තත්පර 44.18 ක දක්ෂතාවයක් දක්වමින්ය.

අද තවත් නව වාර්තාවකට ජෝෂප්වාස් විද්‍යාලය සම්බන්ධ කරන්නට සමත් වූණේ අවුරුදු 16 න් පහළ මීටර් 400 තරගය තත්පර 49.76 න් නිමා තළ ඩබ්ලිව්.එන්.විශල් ය.එම ඉසව්වේම අවුරුදු 18 න් පහළ වාර්තාවද අලුත් විය.ඒ කදාන ශාන්ත සෙබස්තියන් විදුහලේ ජේ.ඕ.එස්. සිල්වා අතින්යතත්පර 47.10 ක කාලයක් ගත කරමින් සිල්වා එම ඉසව්ව නව වාර්තාවක් ද සමඟින් ජය ගනිද්දී,ජෝෂප්වාස් විද්‍යාලයේ සදෙව්.රාජකරුණා ද පැරණි වාර්තාව අභිබවා යමින් තත්පර 47.41 දී ඉසව්ව නිමා කර තිබුනු වාර්තාව අභිබවා ගියේය.මෙහිදී වඩාත්ම වැදගත් වන්නේ සදෙව් මීටර් 200 එම වයස් කාණ්ඩයේ නව තරග වාර්තාවේ හිමිකරු ද වීම නිසාය.

මේ සමඟ වන ඡායාරූපයේ දැක්වෙන්නේ ඉසව් දෙකකදීම පැරණි වාර්තාව ඉක්මවා ගිය සහ නව වාර්තාවක් පිහිට වූ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයේ සදෙව් රාජකරුණාය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan