විවේචන පසෙකලා සැවොම එකට එක්වී ජනතාවගේ ගැටලුවලට උත්තර දිය යුතුයි – සජිත් ප්‍රේමදාස (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද වන විට රටේ ජනතාව දුෂ්කර තත්ත්වයකට වැටී ඇති බවත් මේ ජනතාව සහ මේ රට යළි ගොඩනගන ගමනට පූර්ණ ශක්තිය සහ සහයෝගය ලබාදිය යුතු බවත් කුහක දේශපාලන සංස්කෘතිය ඉවත දැමිය යුතු බවත් තවත් වෙර යොදා රට මුහුණ දෙන ගැටලුවලට ප්‍රායෝගික විසදුම් ලබා දෙන වැඩපිළිවෙළට දායකත්වය සහ නායකත්වය ලබා දිය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම මහමැතිවරණයට තරග කර ජයග්‍රහණය කර එය ජනතා ජයග්‍රහණයක් බවට පත් කර රටට ප්‍රමුඛතාව ලබා දී ජාතික අවශ්‍යතාවට මූලිකත්වය ලබා දිය යුතු බවත් පටු දේශපාලන වාදභේද පසෙකලා විසදුම් සෙවිය යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (02) දෙහිවල දී එම ප්‍රදේශයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය

වෙනස් තර්ක විතර්ක වාදභේද කල හැකි වුවත් රටේ සාධනීය ප්‍රශ්නවලට විසදුම් දීම අමාරු බවත් මේ වන විට ආර්ථික වර්ධනය මන්දගාමී බවත් ඒ නිසා ජනතාවගේ අතට මුදල් ලැබීම සීමා වී මුදල් සංසරණය අඩාල වී ආර්ථික වර්ධනය අඩු වී ඇති බවත් පැවසූ ඒ මහතා සෘණාත්මක බලපැමක් නිෂ්පාදන ක්‍රියාවට සිදුවන බවත් පෙන්වා දුන්නේය.

ආර්ථික සංකෝචනය නොව වර්ධනය විය යුතු බවත් ලක්ෂ 220 ජනතාවගේ අතමිට සරුකරන යුගය උදා කළ යුතු බවත් සම්ප්‍රදායික පැරණි ගතානුගතික දේශපාලන බැහැර කර අලුත් විදිහට සිතා මාතෘභූමිය ගොඩගත යුතු බවත් රටක් ලෙස ගොඩ ආ යුතු ආකාරය ගැන සිතිය යුතු බවත් ඒ මහතා පැවසීය.

තවද රටේ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් රැකගෙන ආයෝජන ප්‍රවර්ධනය කර අපනයන කේන්ද්‍රීය ආර්ථික වර්ධනය ඇති කර යෞවන යෞවනියන්ට රැකියා ලබා දිය යුතු බවත් රටට විසදුම ජනතාවගේ ගැටලුවලට උත්තර ලබා දිය යුතු බවත් සජබ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන් ම මැතිවරණයෙන් පසුබැමට ලක්වුවා කියා මන්දගාමී නොවී සුපුරුදු දේශපාලන ක්‍රමය අමතක කර රට ගොඩගත යුතු ආකාරය ගැන සිතිය යුතු බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...