කලකට පසු ලන්සා එළියට එයි. රනිල්ගේ මීළඟ සැලසුමත් කියයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගෑස් සිලින්ඩරය ලකුණින් තරග වදින තමන් ඇතුළු කණ්ඩායම ආණ්ඩුවක් පිහිටුවීමට බලාපොරොත්තු නොවන බවත් තම අරමුණ වන්නේ ශක්තිමත් විපක්ෂයක් ගොඩනැඟීම බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පවසයි.

“අපි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නෙ නෑ අගමැති කෙනෙක් පත්කරගන්න හෝ බහුතර බලයක් ලබාගන්න. අපි ජනතාවගෙන් ඉල්ලන්නෙ ශක්තිමත් විපක්ෂයක් ගොඩනගන්න එතුමන්ලාගෙ ඡන්දය දෙන්න කියන එක. අපි අගමැතිකම බලාපොරොත්තු වෙන්නෙ නෑ, අපි බලාපොරොත්තු වෙන්නෙ ශක්තිමත් විපක්ෂය. සමහර වෙලාවට සජිත් ප්‍රේමදාස මහත්තයාගෙ විපක්ෂ කණ්ඩායමත් අපිත් එකතුවෙලා පාර්ලිමේන්තුව තුළ මං හිතන්නෙ විශාල හඬක් නගන්න පුළුවන්”

ප්‍රශ්නය – එතකොට ඔයගොල්ලන්ට නායකත්වය දෙන්නෙ කවුද ?

“රනිල් වික්‍රමසිංහ මැතිතුමා නායකත්වය දෙනවා. මොකද එතුමාගෙ ආර්ථික වැඩපිළිවෙලනෙ තාම යන්නෙ”

ප්‍රශ්නය – ඒ කියන්නෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුවට එයිද ?

“නෑ, එතුමා පාර්ලිමේන්තුවට එන්නෙ නෑ කියලා පැහැදිලිව කියලා තියෙනවානෙ. එතුමා හැබැයි අපට නායකත්වය දෙනවා”

නිමල් ලන්සා මහතා මේ බව පැවසුවේ ඊයේ (03) මීගමුවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 පමණ තරමක තද වැසි – නව වසරේ පළමු දවසේ කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 01) දිනයේදී නැගෙනහිර, මධ්‍යම,...