මහින්ද මහත්තයව බලන්න අපේ පරණ යාළුවෝ එනවා. හැබැයි ආපහු තාම පක්ෂෙට ගත්තේ නෑ!

Date:

කොළඹ LNW:පසුගිය ජනාධිපතිවරණ සමයේ පක්ෂයේ තීන්දුව එරෙහිව ක්‍රියා කළ අය නැවත පක්ෂයට සම්බන්ධ කර ගැනීම ගැන තීරණයක් ගෙන නොමැති නමුත් මහින්ද රාජපක්ෂ මහතා බැලීමට ඔවුන් පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසයි.

”පරණ යාළුවො ටික ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මහත්තයව බලල යනවා. එතුමන්ලාගේ ඉල්ලීම් තියෙනවා. හැබැයි අපි කලින් කිව්වා වගේ තමයි අපේ පක්ෂයේ විධායක සභාවක් තියෙනවා.ඒ වගේම දේශපාලන මණ්ඩලයක් තියෙනවා. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්. ඒක ඇතුලේ තමයි සියලු තීරණ ගන්නේ. එහෙම නැතුව මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් සාගර ලේක්මතුමාවත් නෙවෙයි තීරණ ගන්නේ. එතුමන්ලා තීරණ ප්‍රකාශ කරන ගමන් අපි ප්‍රජාතන්ත්‍රවාදිව තීරණ ගන්නේ විධායක සභාවේ හා දේශපාලන ,මණ්ඩලයේදී. ඒ හන්දා ඒකට ඕන කෙනෙකුට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් යෝජනා ඉල්ලීම් කළා එතුමාට සහයෝගය දෙන්න කියල. හැබැයි අපි එතැනදී ඒ වෙලාවේ එය ප්‍රත්ක්ෂේප කළා. ඒ නිසා සමහර ඒවාට එකඟවෙන්න පුළුවන්,එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි ඕන කෙනෙකුට පක්ෂයට ලියන්න පුළුවන්. යෝජනා ගේන්න පුළුවන්.” යනුවෙන් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...