ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ විජිතගේ ප්‍රකාශයට රනිල් පාර්ශවයෙන් ප්‍රතිචාර!

Date:

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට වත්මන් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක විජිත හේරත් අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය සාවද්‍ය බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව විභාග කිරිමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කල අතර එය විසින් ඉන් අනතුරුව 2015 පෙබරවාරි 27 වන දින සිදු කළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කරන ලද බවයි පවසන්නේ.

ඉන් අනතුරුව එවකට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, එහිදී එවකට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි ලබා දුන් බවද එම නිවේදනයේ දක්වා ඇත.

ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පරීක්‍ෂණ පැවැතිය ද, මහ බැංකුව විසින් එම සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන ඇති හෙයින් ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව තහවුරු වූ බවත් එම කොමිෂන් සභාව විසින්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරමින් නිදහස් කළ බවත් එම නිවේදනයෙන් අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සතිඅන්තයේ දී සන්ස්ක්‍රීන් අමතක නොකරන්න! සූප ශාස්ත්‍රයෙන් නමගිය Gordon Ramsay ගෙන් පණිවුඩයක්!

සටහන – පුලී සැප්තැම්බර් 01, කොළඹ (LNW): නමගිය සූප සාත්තරයෙන්...

Celebrity Buzz: ඉන්දීය වෙඩිමකට කඩා පැන, මනාලිය පුදුමයට පත් කළ බීබර්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

හික්කඩුවේ වෙඩිතැබීමක්. එක් පුද්ගලයෙකු රෝහලට

හික්කඩුව, මලවැන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...