ජනපති අනුරට ඇන්ටෝනියෝ ගුටෙරෙස්ගෙන් සුබ පැතුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ (LNW):

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ,එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරෙස්  මහතා සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා  ප්‍රමුඛ වත්මන් රජයේ වැඩපිළිවෙල  ද ජගත් මහලේකම්වරයාගේ ඇඟයීමට ලක් වූ බව සඳහන් වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක මාක් ඇන්ඩෘ ෆ්‍රාන්ක් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී මේ බව ප්‍රකාශ කර තිබෙන අතර, පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහතාගේ සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවලිය ද මෙහිදී පැසසුමට ලක් කෙරුනු බව පැවසේ.

වංචා, දූෂණ, අක්‍රමිකතා මැඩපැවැත්වීම සදහා වන රජයේ වැඩපිළිවෙල ද විශේෂ පැසසුමට ලක් කෙරුණු අතර, සැමට සාධාරණ සමාජයක් ගොඩනැගීම සදහා ජනාධිපතිවරයාගේ කැපවීම ද  මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...