*
Friday, October 4, 2024
spot_img

Latest Posts

ඉන්දියාව හා පාකිස්ථානය අතර සහල් වෙළඳපොල තරඟය

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දියාව හා පකිස්ථානය මිල සීමාවන් ඉවත් කර සහල් අපනයනය නැවත ආරම්භ කිරීමට පියවර ගැනීමත් සමඟ ලෝකයේ සහල් මිල පහළ වැටි ඇති බව වාර්තා වේ.

ඉන්දියානු රජය, 2024 දී විශාල බෝග අස්වැන්නක් සමඟ දේශීය අවශ්‍යතා සඳහා රාජ්‍ය ගබඩා සංචිත ශක්තිමත් කරමින් මේ වන විට වසරකට වැඩි කාලයකට පසු බාස්මතී නොවන සුදු සහල් අපනයනය සඳහා වූ තහනම ඉවත් කර ඇත. ඉන්දියාව ලොව විශාලතම සහල් අපනයනකරු වන අතර ගෝලීය සහල් වෙළඳාමෙන් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් සහ බාස්මතී අංශයේ සියයට 65 ක වෙළඳපල කොටස දරයි. තායිලන්තය සහ වියට්නාමයට පසු සිව්වන විශාලතම සහල් අපනයනකරු වන පකිස්ථානය, බාස්මතී වෙළඳපොලේ ඉතිරි සියයට 35 රඳවා තබා ගනී.

2022-23 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව සහල් අලෙවියෙන් ඩොලර් බිලියන 11කට වඩා උපයා ඇති අතර බාස්මතී සහල් මෙට්‍රික් ටොන් මිලියන 4.5කට වඩා වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඩොලර් බිලියන 4.7කට වඩා උපයා ඇත.

නමුත් 2023 ජූලි මාසයේදී, ඉහළ උද්ධමනය, ඉහළ යන ආහාර මිල සහ එල් නිනෝ කාලගුණ සංසිද්ධිය නිසා ඇති විය හැකි නිෂ්පාදන හිඟය පිළිබඳ කනස්සල්ලත්, ජාතික මැතිවරණයත් හේතුවෙන් ඉන්දියානු රජය බාස්මතී නොවන සහල් සඳහා අපනයන තහනමක් පැනවීමට හේතු වූ අතර අනතුරුව මාසයකට පසු ඉන්දියාව ද බාස්මතී අපනයනයට සීමා පැනවීය.

ඉන්දියානු සහල් හිඟ වූ විට, ගල්ෆ්, අප්‍රිකාව සහ අග්නිදිග ආසියාව ඇතුළු බොහෝ රටවල් සඳහා විකල්ප සැපයුම්කරුවෙකු ලෙස පාකිස්තානය මතු විය.

2023 ජූලි සිට 2024 ජූනි දක්වා පකිස්තානය එහි සහල් අපනයන පරිමාවේ සියයට 60කට වඩා වැඩි වර්ධනයක් සහ වටිනාකමින් සියයට 78ක වර්ධනයක් අත්විඳි අතර බාස්මතී මෙට්‍රික් ටොන් 750,000ක් ඇතුළුව සහල් මෙට්‍රික් ටොන් මිලියන හයකට ආසන්න අපනයනයෙන් ඩොලර් බිලියන 3.9කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇත. ඔවුන් පසුගිය මූල්‍ය වර්ෂයේදී පකිස්තානයේ සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 9.8කට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විශේෂඥයන් අනාවැකි පළ කර තිබුණේ, පකිස්ථානය මේ වසරේ මෙට්‍රික් ටොන් මිලියන 10කට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ දමනු ඇති බවටයි.

කෙසේ නමුත් නැවත ඉන්දිය සහල වෙළඳපොළට පැමිණීමත් ජාත්‍යන්තර වෙළඳපල ඉල්ලුම සහ සැපයුම සහල් මිල නියාමනය කිරීමේදී පකිස්තානු අපනයන වලට බලපෑම් ඇතිවිය හැකි බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan