*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

කකුලෙන් අදින දේශපාලනය නොව රටට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙලකට මුල පුරමු – සජිත් ප්‍රේමදාස (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

නායකත්වය බාර ගන්නවා සේම ඒ නායකත්වය තුළ ලබන ජයග්‍රහණයන් වලට උරුම කම් කියන්න ඉදිරිපත් වෙනවා සේම පරාජයන් පසුබෑම්වලට ලක් වුවද එම වගකීම බාර ගන්න පසුබට නොවිය යුතු බවත් අවසානයේ වගකීම නායකයා බාර ගත යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ මොහොතේ දී රට වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරිමට සිදුවන බවත් කුහක ලෙස වෛරක්කාර, ඊර්ෂ්‍යාකාර ලෙස වත්මන් තත්ත්වය විග්‍රහ නොකළ යුතු බවත් අවසනායේ අප සියලු දෙනාම දේශපාලනය කරන්නේ මෙන්ම ජීවත්වන්නේ ද මේ රටේ නිසා රට ගැන සිතිය යුතු බවත් පැවසූ ඒ මහතා රට තුළ ඇති යථාර්ථය වන්නේ ණය ගෙවා ගැනීමට නොහැකි වීම බවත් මේ බංකොලොත් රටේ පසුබෑමට ලක්වූ අයට ද විශාල කාර්යක් ඇති බවත් අදටත් මේ මොහොතටත් රට ගොඩනගන දූරදර්ශ සත්‍යවාදී ප්‍රායෝගික ශක්තිමත්ම වැඩපිළිවෙළ ඇත්තේ සමගි ජන බලවේගය සතුව බවත් හොඳම ප්‍රබුද්ධ ප්‍රශස්ත දක්ෂතම කණ්ඩායම සිටින්නේ ද සමගි ජන බලවේගය සතුව බවත් අවධාරණය කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කෝට්ටේ මැතිවරණ කොට්ඨාසයේ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

රට දිනවීමට නම් සමගි ජන බලවේගය ජයග්‍රහණය කළ යුතු බවත් රටේ ජනතාව මුහුණ දෙන ගැටලු ප්‍රශ්නවලට උත්තර සැපයිය යුතු බවත් ඒ සඳහා හොඳම කණ්ඩායම තමා සතු බවත් මේ වැඩපිළිවෙළ තුළ බංකොලොත් රටේ ණය ගෙවීමේ ක්‍රියාවලිය 2033 දී ආරම්භ කිරීම ප්‍රමාණවත් යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියදී පසුගිය රජය එය 2028 දක්වා අඩු කර ගෙන ඇති බවත් 2028 සිට ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ වන්නේ නම් ණය ගෙවා ගත හැකි ශක්තියක් ඇති ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත් තව වසර 4ක් පමණක් ඒ සඳහා ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එවැනි තත්ත්වයක් තිබිය දී ආර්ථිකය කුඩා කරන ගමනකට සහාය දිය නොහැකි බවත් ආර්ථිකය ප්‍රසාරණය වී ජීවන මට්ටම ඉහළ යා යුතු බවත් දළ දේශීය නිෂ්පාදනයට 50%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ද ආරක්ෂා කළ යුතු බවත් ඔවුන් වෙනුවෙන් පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන්න කටයුතු කළේ ද සමගි ජන බලවේගය වුවත් රජය දේශපාලන වාසි ගැනීමට පරාටේ නීතිය ක්‍රියාත්මක වීම පමණක් නතර කළ බවත් ප්‍රේමදාස මහතා සිහිපත් කළේය.

ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජත්‍යන්තර මුල්‍ය අරමුදල, යුරෝපා හවුලේ තානාපති ආදීන් හමුවී අවසානයේ ආසියනු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක් ලබා දුන් බවත් අද වන විට සමගි ජන බලවේගය ඉදිරිපත් කළ දූරදර්ශී ආර්ථික ප්‍රතිපත්තියට ශක්තිය ලබා දෙන්න හැකිව ඇති බවත් ඒ මහතා පැවසීය.

මැදපෙරදිග කලාපයේ මේ වන විට යුදමය තත්ත්වයක් ඇතිව තිබෙන බවත් ඒ තුළින් තෙල් මිල වෙනස් වන බවත් රටක් ලෙස මේ ව්‍යවසනයෙන් රටට සිදුවන බලපෑම ගැන සූදානමක් තිබිය යුතු බවත් ඉන්ධන වැදගත් සාධකයක් නිසා හදිසියේවත් ඉන්ධන මිල ඉහළ ගියහොත් රටට සුදුසු ප්‍රතිපත්තියක් තිබිය යුතු බවත් ඊට අමතරව මැදපෙරදිග කලාපයේ සේවයේ නිතර ශ්‍රමිකයන්ට අත්වන ඉරණම ගැනත් සොයා බැලිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පෙන්වා දුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan