ප්‍රශස්ති අන්තරායකර විය හැකිය …!

Date:

අනුර බලයට ගෙන ආවේ නිශ්චිත “ඇංග්‍රි වෝට්” නියැදියකින් බව බොහෝ විචාරකයින්ගේ මතයයි..

එසේම ඒ ඇංග්‍රි ජනමතය තැන තැන කැලෑ ආන්ඩු හැදෙන විනාශයකින් කෙලවර වීමට ඉඩ නොදී පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයටම ගොනු කර ගැනීම සම්බන්දව අප අනුර ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ස්තූතිවන්ත විය යුතුව ඇත..

එසේම පත්වෙන ආන්ඩුවටද මේ angry ජනමතය විසින් ඉල්ලන, නමුත් දීමට අපහසු බොහෝ දෑ දෙන්ට බැරි උනොත් පත්වෙන ආන්ඩුවද පෙරලගෙන මේ angry ජනමතය නුදුරේදී ඔහේ ගමන්කරන බවද අවධාරනය කරනු කැමැත්තෙමි…

එබැවින් පත්වීමට නියමිත ආන්ඩුවට ඇති භාරදූර වගකීම සහ අවදානම අතිමහත්ය..

එසේම මේ සංකීර්ණ තත්වය ගැන මෙලෝ අදහසක් නැතිව නව නායකයන් ගැන ප්‍රශස්ති ලියන්නෝද යම් පිරිසක් සිටී.. මෙහිදී මේ ප්‍රශස්ති වලින් සිදුවන්නේ නව නායකයන් හමුවේ යතාර්තය වසාදැමීමයි..

මෙතෙක් ලංකාවේ පැවති ආන්ඩු බිඳදැමීමට දායක වූයේ ඒ ආන්ඩු කල ඇත්‍තන්ගේ ලඟින්ම සිටි ප්‍රශස්තිකාරයන්‍ ය..

ප්‍රශස්තිවලින් කුඩා නිකායකට බාල ජොලියක් දැනෙනු ඇත.. නමුත් එය එළියේ සමාජයට ටික දිනකින්ම ගුජුප්සාජනක විය හැකිය.. ප්‍රශස්ති යනු වැඩවසම් යුගයේ සිටි වන්දිභට්ටයන්ගේ වහල් රාජකාරියයි.. කවුරු කරත් එය දියුණු යුගයකට නොගැලපේ ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...