ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩදෙන්නේ නැහැ – ජනපති සහතික වෙයි

Date:

කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා අතර හමුව සම්බන්ධයෙන් මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් ඉන්දියාවේ ආරක්‍ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩනොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ.

ජනවාර්ගික ප්‍රශ්නය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය පවත්වා ගනිමින් සමානාත්මතාවය, යුක්තිය, ගෞරවය, සාමය සඳහා දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අභිලාෂයන් සඳහා ඉන්දියාවේ සහාය අවධාරණය කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ කඩිනමින් පැවැත්වීම මෙම අරමුණු සඳහා පහසුකම් සපයනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝජන, විදුලිබල හා බලශක්ති සහ දියර කිරි කර්මාන්තය යන ක්ෂේත්‍ර සඳහා සහාය වීමට ඉන්දියාව දක්වන උනන්දුව පිළිබඳ කරුණු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යවරයා කරුණු පැහැදිලි කර තිබෙන අතර ශ්‍රී ලංකාව් ආර්ථික පුනරුදය සඳහා ඉන්දියාවේ පූර්ණ සහයයෝගය ලබාදෙන බවට ද සහතික වී ඇත.

එමෙන්ම ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද සාකච්ඡා වී ඇති අතර කලාපයේ ස්ථාවරත්වයට සහ ආරක්ෂාවට දෙරටේ සහයෝගීතාව පිළිබඳවත් එහිදී අවධානයට ලක්ව තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාතාලයේ අක්මුල් නෑර ඔක්කොම හොයාගෙන ඉවරයි. දැන් සුද්ධ කරන්න පටන් අරන් තියෙන්නෙ – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට පාතාලයේ අක්මුල් නෑර සියල්ලම සොයාගෙන...

ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර!

කොළඹ LNW:දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා...

ජේරුසලමේ වෙඩි තැබීමකින් පස් දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජේරුසලමේ අද(08)...

ප්‍රසන්න රණවීරට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 08 ,කොළඹ LNW : අද (08)...