බදු මෙහෙයුම් ඇරඹේ!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ (LNW):

2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍රවෙත ගොස් බදු අයකර ගැනීමට ක්‍රියා කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසන අතර, හෙට (07) දිනයේ සිට එම වැඩපිළිවෙළ ආරම්භ කරන බව දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.

මේ වසරට අදාළව පසුගිය සැප්තැම්බර් මස අවසන් වනවිට රු. බි. 1417ක මුදලක් අයකරගෙන තිබෙන බව සඳහන් වේ.

කෙසේ නමුත් තවදුරටත් ස්වතක්සේරු ගෙවීම් යටතේ ගෙවිය යුතු බදු ගෙවන්නන් සිටින බවට හදුනාගෙන ඇති බැවින් ඔවුන්ගේ පරිශ්‍ර වෙත ගොස් ඒවා අයකර ගැනීමටයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව නොගෙවූ ස්වතක්සේරු බදු අයකර ගැනීමේ දී නීතිමය ක්‍රම වේද සපුරා ක්ෂණික අයකර ගැනීමේ ක්‍රියාමාර්ග ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අමෙරිකානු එක්සත් ජනපදයේ Meta සහ YouTube වැනි...