සසංක සහ ධනාල් ඒස් කැපිටල් මුල් ඉණිමෙන් මුලට ගෙනෙන්නට මුල් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 07, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රිකට්,ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය උදෙසා කරන ලබන ඉහළම ආයෝජනයක් හැටියට සැළකිය හැකි අවුරුදු 23 න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයේ දී එස් කැපිටාල් කණ්ඩායමට මුල් ඉණිමේ ජයක් ලබා ගන්නට ඔවුන්ගේ අංක 9 සහ 10 පිතිකරුවන් වන සසංක නිර්මාල් (නොදැවී 106) සහ ධනාල් හේමානන්ද (70) දැක් වූ දස්කම් හේතු විය.

පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම ලකුණු 233 ක් රැස් කරන්නට සමත් විය.ඊට පිළිතුරු දෙන්නට පිටියට පැමිණි ඒස් කැපිටල් කණ්ඩායමේ කඩුුලු 8 ක් ලකුණු 129 ට දැවුණු තැන සිට නවවන කඩුල්ල වෙනුවෙන් සංසක සහ ධනාල් හ් මොහොතට අදාළව විශ්මිත වූ ලකුණු 166 ක සබඳතාවක් ගොඩ නංවන්නට සමත් විය.එ අනුව පළමු ඉණිමේ දී ලකුණු 84 ක වාසියක් ලබා ගැනීමට එස් කැපිටාල් කණ්ඩායම සමත් වූ අතර දෙවන ඉණිමට පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම නියමිත තරග කාලය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටියේය.

විශේෂයෙන්ම සසංක සහ ධනාල්ගේ ඉණිම් වැදගත් වූයේ ඔවුන් හිතුමතේ පහර එල්ල කිරීමට වඩා අංක 9 සහ 10 පිතිකරුවන් දෙදෙනෙකුගෙන් බලාපොරෝතු විය නොහැකි ඉවසීමක් පෙන්වමින් සංයමයකින් යුතුව ලකුණු රැස් කිරීමයි.මුවර්ස ක්‍රීඩකයින් පන්දු යැවීම සඳහා ක්‍රීඩකයින් 10 දෙනෙකුම යොදා ගත්තත් ලකුණු 166 ක් දුර යන තෙක් සසංකාගේ සහ ධනාල්ගේ සබඳතාවයට හානි කරන්නට ඔවුන්ට හැකි වුණේ නැහැ.

ලකුණු පූවරුව – https://bit.ly/47YMAvF

ඒස් කැපිටාල් ජයග්‍රහණය වෙනුවෙන් ශතකයකින් දායක වූ සංසක නිර්මාල් අවසන් තරගයේ වීරයා ලෙස අභිශේක ලැබුවා.තරගාවලියේ වීරයා බවට පත් වුණේ මුවර්ස් ක්‍රීඩා සමාජයේ යසිත් රූපසිංහයි.එම ක්‍රීඩා සමාජයම නියෝජනය කරන රවිශාන් සිල්වා තරගාවලියේ හොඳ පිතිකරු ලෙස නම් කෙරුණා.හොඳස පන්දු යවන්නා ලෙස තරගාවලිය පුරා දැක් වූ දස්කම් සැළකිල්ලට ගෙන ද්‍රවිඩ ක්‍රීඩා සමාජයේ විහස් තෙව්මික නම් කරන්නට යෙදුණා.

ප්‍රධාන ඡායාරූපයේ සිටින්නේ අවසන් තරගයේ විශ්මිත ශතකලාභියා වූ සසංක නිර්මාල් ය.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට!

කොළඹ LNW:විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ''රටම එකට'' ජාතික මෙහෙයුමට...

තරඟ සංවිධායකවරයාට එරෙහිව නැගී සිට සති කිහිපයකට පසු මෙක්සිකෝ රූ රැජින විශ්ව රූ රැජින ලෙස ජයගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 74 වන වාර්ෂික...

“Automobile Industry Awards  2025″ප්‍රථම වතාවට ශ්‍රී ලාංකාවේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : අධ්‍යාපන අමාත්යාාංශය, කර්මාන්ත්...