හිස්බුල්ලා සංවිධානයේ හයිෆා ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායලය බීරූට් වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෙබනන්හි සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය ඊයේ(07)දිනයේදී ඊශ්‍රායලයේ හයිෆා වරාය නගරය ආසන්නයේ උතුරු ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක වෙත රොකට් ප්‍රහාර 135කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බව වාර්තා වේ.

හයිෆා වෙත එල්ල වූ මූලික ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ගැටුම් වලින් අනතුරුව වරාය නගරයට පහර දුන් පළමු අවස්ථාව මෙයයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ස්ථාන වෙත ප්‍රහාර 120ක් එල්ල කර ඇති අතර ලෙබනනයේ නිල ජාතික පුවත් ඒජන්සිය (NNA)ට වනුව, ඊශ්‍රායල් හමුදාව බේරූට් ගුවන් තොටුපළට යන ප්‍රධාන අධිවේගී මාර්ගය, ඉන්ධන පිරවුම්හලක් සහ වෛද්‍ය සැපයුම් සඳහා ගබඩාවක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කර තිබේ.

පසුගිය සතියේ ඊශ්‍රායලය විසින් ලෙබනනය සහ සිරියාව අතර ප්‍රධාන දේශසීමා හරස් මාර්ග විනාශ කිරීමත් සමඟ සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා පලා යාමට බාධාවක් ඇතිව ඇති අතර උග්‍රවන ප්‍රචණ්ඩත්වය ලෙබනන් පුරවැසියන් සහ ලෙබනනයේ සිරියානු සරණාගතයින් යන දෙකම සමූහ වශයෙන් දේශසීමා තරණය කිරීමට තල්ලු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කලාව සහ රුධිරය සමඟ පොර බඳිමින් යුධ ඡායාරූපකරණයෙන් පන්නරය ලත් Don McCullin ගේ ශ්‍රේෂ්ඨතම ඡායාරූප!

සටහන – පුලී ඔක්තෝම්බර් 30, කොළඹ (LNW): යුධ ඡායාරූප ශිල්පීන්...

සිසු අරගලයේ පහන් තරුව ත්‍රිමා විතාන 37 වන සැමරුම! (PHOTOS)

කොළඹ LNW: ත්‍රිමා 37 වන සැමරුම අද (30) කොළඹ...

සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 05ක් CID අත්අඩංගුවට!

ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ , සුරාබදු දෙපාර්තමේන්තුවේ...

පොලිස් තනතුරු කිහිපයක් ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30 කොළඹ LNW: ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්...