දෛනිකව ලැබෙන පැමිණිලි එදිනම විභාග කිරීමට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:පොලිස් ස්ථාන වෙත සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම හා පොලිසිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු වීම වැනි අගතිදායක තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි වාර්තා වූ දිනයේම විභාග කිරිම ආරම්භ කිරීමටත් පැය 48 ක් ඇතුළත විභාග අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

පොලිස් ස්ථාන වෙත වාර්තා වන විවිධ පැමිණිලි නොපමාව විභාග කිරීමට හා මෙතෙක් විභාග අවසන් නොවූ පැමිණිලි සති දෙකක් ඇතුළත විභාග කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවටයි වැඩබලන පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්,කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ දිස්ත්‍රික් භාර නිලධාරීන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...