පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය!

කොළඹ LNW:අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ, අනුව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ජනාධිපති කාර්යාලය යටතේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කටයුතු සඳහා වන කාර්යාලය හා සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජන සභා ක්‍රමය ස්ථාපිත කිරීම උදෙසා වන ජාතික ජන සභා ලේකම් කාර්යාලය ස්ථාපිත කිරීමට සහ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පියවර ගනු ලැබ ඇති අතර, ඒ සඳහා කොන්ත්‍රාත් පදනම් මත නිලධාරින්, උපදේශකයින් පත් කර ඇත.

එම කාර්යාල සහ වැඩ සටහන මඟින් අපේක්ෂිත කාර්යයන් අදාළ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බැවින් ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනු ලැබ ඇති නිලධාරින්ගේ උප‌දේශකයින්ගේ සේවය 2024-09-30 දින සිට ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...

ස්වයං පිටුවහල් ජිවිතයකින් පසුව නොබෙල් ත්‍යාගලභී විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ යලි වෙනිසියුලාවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදය,...