චීන ජාතිකයන්ට පාකිස්ථානයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය චීනය දැඩි ලෙස හෙළා දකී

කොළඹ LNW:පාකිස්ථානයේ Karachi හි Jinnah ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිත ව එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් චීන ජාතිකයන් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂා කරන ලෙස චීනය ඉල්ලා සිටිනවා.

චීන ආයෝජනයෙන් ඉදි කෙරෙන Qasim වරායේ බලශක්ති උත්පාදන සමාගමේ රථ පෙළකට කරච්චි හි Jinnah ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසලදී පසුගිය 6 වැනිදා මෙම ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා. ඉන් චීන ජාතිකයින් දෙදෙනෙකු මිය ගොස් ඇති අතර, තවත් චීන ජාතිකයෙකු තුවාල ලබා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් මෙම සිද්ධිය චීනය දැඩි ලෙස හෙළා දකින බව පැවසුවා. සිද්ධියට අදාළ අපරාධකරුවන්ට එරෙහිව දඬුවම් පනවන ලෙසත් චීනය පාකිස්ථානයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර පාකිස්ථාන ජනාධිපති Asif Ali Zardari මහතා ඊයේ (07) මියගිය පුද්ගලයින් වෙනුවෙන් බලවත් සංවේගයත්, ඔවුන්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවත් ප්‍රකාශ කළා. පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා ද සිය ශෝකය පළ කරමින්, පාකිස්ථානයේ සිටින චීන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සිය රජයේ යුතුකමක් බව පෙන්වා දුන්නා. පාකිස්ථානය මෙම ත්‍රස්තවාදී ක්‍රියාව තරයේ හෙළා දකින අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර අපරාධකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන බව ද ඔහු කියාසිටියා.

එමෙන්ම මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව Balochistan Liberation Army නමැති ත්‍රස්තවාදී සංවිධානය පවසා තිබෙනවා.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම 2026 පළමු මාස නවයේදී ඩො. බි. 13.6 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : 2026 වසරේ මුල්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාඛා සමිති සියයට හැටක් පිහිටුවා අවසන්-ඩී.වී චානක

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

2027 ඩකාර් රැලි තරගාවලිය සෞදි අරාබියෙන් ඉවතට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : ජාත්‍යන්තර ක්‍රීඩාව සහ...

නාය යෑමේ අනතුරු ඇඟවීම්:රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06කට ඉවත් වීමේ රතු නිවේදන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජාතික ගොඩනැගිලි...