ලේට්න් කුසලාන දක්ෂතම කිරුළු පොලිසියේ නුවන් ට සහ ගුවන් හමුදාවේ තුෂාරි ට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ඔක්තෝබර් 09, (LNW) කොළඹ : රාජකීය විද්‍යාලයේ මාස් ඇරීනා හී සිට වඩාත් සමාජගත ජනප්‍රියතාවය රැදුණු පොළවකට සම්ප්‍රාප්ත වෙමින්,මිගමුව වෙරළ තීරයේ පැවති මෙවර ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ දක්ශතම ක්‍රීඩකයා බවට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කළ හසිත නුවන් ජිනදාස නම් කෙරීණි.

දක්ෂතම ක්‍රීඩිකාව වූ ගුවන් හමුදාවේ තුෂාරි පෙරේරා ශ්‍රී ලංකා කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අවධානයට ලක් විය යුතුම ක්‍රීඩිකාවක්ය.ඇය මෙවර කිලෝ ග්‍රෑම් 50 පංතියෙන් තරග කර දක්ෂතම ක්‍රීඩිකාව වූ සේම,මේ වසර මුල ඇය කිලෝ ග්‍රෑම් 57 බර පංතියෙන් තරග කර ජාතික සූරතාවයේ දී ද දක්ෂතම ක්‍රීඩිකාව වූවාය.කිලෝ ග්‍රෑම් 54 බර පංතිය ද ජය ගෙන ඇති තුෂාරි පෙරේරා සුවිශේෂි දස්කම් ඇති ශ්‍රී ලංකාවේ කාන්තා බොක්සිං කේෂ්ත්‍රයට ලැබුණු දුර්ලභ දක්ෂතා සහිත ක්‍රීඩිකාවක්ය.

මෙවරත් ලේට්න් කුසලාන පිරිමි සූරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට හිමි විය.කාන්තා සූරතාවය හිමි වූයේ ගුවන් හමුදාවටය.දක්ෂතා අනුව තිළින සහ මුදල් ත්‍යාගද හිමි වුණ මෙවර ලේට්න් කුසලානය නව සභාපතිවරයා වන අනුරුද්ධ ශානක බණ්ඩාරගේ මඟ පෙන්වීම ලද පළමු ලේට්න් කුසලානය විය.එහිදී බොක්සිං සම්මේලනයේ නව නිල මඩුල්ල මෙන්ම ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු ද ප්‍රධාන ආරාධිතයෙකු ලෙස එක් වෙමින් ජය සංඛේත ප්‍රදානයට එක් විය.

පහත දැක්වෙන්නේ මෙවර තරගාවලියේ ඒ ඒ බර පංති ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය ය.

කාන්තා කිලෝග්‍රෑම් 48: ආර්.ඒ. නදීකා පුෂ්පකුමාරි
කාන්තා කිලෝග්‍රෑම් 50: කේ.කේ. ඉෂාරා තුෂාරි පෙරේරා
කාන්තා කිලෝග්‍රෑම් 52: එච්.සඳුනි ප්‍රියදර්ශනී
කාන්තා කිලෝග්‍රෑම් 54: එල්.අයි. නිෂාදි මල්ෂානි
කාන්තා කිලෝග්‍රෑම් 57: කස්තුරි ආරච්චිගේ කේෂානි හංසිකා
කාන්තා කිලෝග්‍රෑම් 60: මුතුතන්ත්‍රී පී.එස්. සජීවනී කුරේ
කාන්තා කිලෝග්‍රෑම් 66: ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.කේ. තිවංක
කාන්තා කිලෝග්‍රෑම් 75: කේ.ඒ.ජී.එන්. කළුආරච්චි
පිරිමි කිලෝග්‍රෑම් 48: ටී. හසිත නුවන් ජිනදාස
පිරිමි කිලෝග්‍රෑම් 51: ජී.කේ.පී. උමයංග මිහිරාන්
පිරිමි කිලෝග්‍රෑම් 54: ජී ජයනාත් කේ රවිඳු කුමාර
පිරිමි කිලෝග්‍රෑම් 57: පොඩි ආරච්චිගේ රුක්මාල් ප්‍රසන්න
පිරිමි කිලෝග්‍රෑම් 60: ආර්.එම්.පී.පී.කේ. රස්නායක
පිරිමි කිලෝග්‍රෑම් 63.5: එච්.ඒ. හංස දිල්සර හෙට්ටිආරච්චි
පිරිමි කිලෝග්‍රෑම් 67: පී.එස්.පී. සුරංග ප්‍රනාන්දු
පිරිමි කිලෝග්‍රෑම් 71: I.P.D. චින්තන උදයකුමාර
පිරිමි කිලෝග්‍රෑම් 75: යස්මින් මුහම්මද් උසයිත්
පිරිමි කිලෝග්‍රෑම් 80: ජේ.එම්.අයි.පී. පැතුම් පුෂ්පකුමාර
පිරිමි කිලෝග්‍රෑම් 86: වයි.එස්. ප්‍රතාප් සුදම්මා
පිරිමි කිලෝග්‍රෑම් 92: පී.ඒ. රුක්මන් සංජීව රූපසිංහ
පිරිමි කිලෝ ග්‍රෑම් 92 ට වැඩි – අමිත අවිශ්ක

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...