එදා ජ.වි.පෙ සන්නද්ධ අරගලය අසූනමයේ අගදි විනාශවූ නමුත් වසර හතරක් යාමට ඉක්බිත්තෙන් කොළඹ විහාරමහා දේවී රංග පීටයේම අපිට පුළුවන් උනා අරගලයෙන් මියගිය සගයන් ඉහලින්ම සමරන්න..
හැබැයි උතුරෙත් එහෙම අරගලයක් තිබිලා ඒක විනාශවෙලා දසකයකට වඩා ගිහිල්ලත් අදටත් බෑ කොහේ හරි කොනකවත් බාධාවක් නැතිව මැරිච්ච එවුන් වෙනුවෙන්වත් ඒ මිනිස්සුන්ට පානක්වත් පත්තුකර ගන්ට..
සාධාරණව හිතන ඕනම කෙනෙකුට තේරෙනව මෙතන අසාධාරණයක්, අසමාන සැලකිල්ලක් තියෙනවා කියන එක..
මම කියන්නේ ඉතිහාසයේ කවදා හරි දවසක “යුක්ති ගරුක මිනිසෙක්, සාධාරණ සමාජයක්” වෙනුවෙන් සටන් කරලා අතුරුදන් වූ මිනිස්සු හිටපු ව්‍යාපාරයකට අද රාජ්‍ය බලය ලැබුන මේ මොහොතේ උතුරේ අතුරුදන්වූවන් වෙනුවෙන් සහ උතුරේ මිනිසුන්ට දෙන්ට ඕන සහ කාලයක් තිස්සෙ ඒ මිනිස්සු මැරිමැරී ඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ගැන මීට වඩා වෙනස් කෝනයකින් අපි හිතන්ට ඕන කියලා..
එහෙම නූනොත් මේකත් රාජපක්ෂලා නියෝජනය කල මහා ජාතියේ අධිපති ජනප්‍රිය වාදයේම දිගුවක් වෙනවා මිසක් ජාතීන් අතර සහෝදරත්වයේ සහ සධාරණත්වයේ ජයග්‍රහණයක් වෙයි කියලා මම හිතන්නෙ නෑ ….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN
සබැඳි පුවත් –