රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ (LNW):
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව හමුවූ කොරියා ජනරජයේ ශ්රී ලංකා තානාපතිනී මියෝන් ලී මහත්මිය, කොරියා ජනාධිපති යුන් සුක් යෙයෝල් මහතාගේ සුබපැතුමද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පිරිනැමීමට කටයුතු කළේය.
තානාපතිනී මියෝන් ලී මහත්මිය ජනාධිපතිවරයා හමුවේ කියා සිටියේ, ඩිජිටල්කරණය ,දේශගුණික විපර්යාස , පුනර්ජනනීය බලශක්ති යන ක්ෂේත්ර සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම කොරියාවේ අපේක්ෂාව බවයි.
මෙරට ආයෝජන නැවත ආරම්භ කිරීමට කොරියානු සමාගම් කැමැත්තෙන් පසුවන බව ද පෙන්වා දුන් කොරියා තානාපතිනිය ආයෝජන ආකර්ෂණයට ශ්රී ලංකා රජය විධිමත් ප්රතිපත්ති පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද සිය සතුට පල කළ බව සඳහන් වේ.