හිටපු රාජ්‍ය ඇමති සේමසිංහත් කළකිරෙයි. ජන්ද සටනින් ඉවතට!

Date:

කොළඹ LNW: එළඹෙන මහ මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බව හිටපු මුදල් රාජය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මැතිවරණයට ඉදිරිපත් නොවුණද දේශපාලන කටයුතුවල නිරත වෙන බවත් තමන් සම්බන්ධයෙන් විශ්වාසය තැබූ අනුරාධපුර ජනතාව වෙනුවෙන් තමන් තවදුරටත් සේවය කරන බවයි සේමසිංහ මහතා සඳහන් කරන්නේ.

ජනතාව විශ්වාස කළේ ප්‍රතිඵලය නොව පොරොන්දු දේශපාලන බවත් ජනතාවගේ තේරීම වුණේ ජනාකාන්තවාදී මාවත බවත් පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල මඟින් පෙන්නුම් කර තිබෙන බව සේමසිංහ මහතා කියාසිටියි.

මහත් පරිශ්‍රමයෙන් ගොඩනැගූ ප්‍රතිපත්තිගරුක දේශපාලන මාවත ජනතාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමන්ට ඇත්තේ විශාල කම්පනයක් සහ කලකිරීමක් බවද ඔහු සිය නිවේදනයේ දක්වා තිබේ.

බලය ලබා ගැනීමට මෙන්ම බලය අත්හැරීමට ද හැකියාව තිබිය යුතු බවත් බලය තිබුණු කාලයේ අවංකව සේවය කිරීමට හැකියාව ලද නිසා බලය අත්හැරීමට කිසිදු දුකක් නොමැති බවත් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉදිරියේදී රටට අවශ්‍ය ඕනෑම මොහොතක සිය සේවය ලබාදීමට නිරහංකාරව ඉදිරිපත් වන බවටද ඔහු සහතික වෙයි.

ශෙහාන් සේමසිංහ මහතා අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර අවසන් වුණු ජනාධිපතිවරණ මැතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරමින් පැවති ආණ්ඩුව සමඟ රැඳී සිටිමින් කටයුතු කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...