අපි දැන් දන්නවා අපි තුන්වෙනි තැන.ජනතාවට විශ්වාස NPP එක – හිටපු ඇමති ප්‍රසන්න

Date:

කොළඹ LNW:මේ වන විට තමන් නියෝජනය කරන පිල තුන්වෙනි බලවේගය බවට පත්ව තිබීම ගැන අවබෝධයක් පවතින අතර මේ මොහොතේ ජනතාව විශ්වාස කරන්නේ ජාතික ජන බලවේගය බව හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔවුන් විසින් ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට අවස්ථාව දිය යුතු වන බවයි රණතුංග මහතා පවසන්නේ.

ඒ අතර මේ වන විට අලුත් කණ්ඩායමකට අවශ්‍ය කරන දේශපාලන පසුබිම නිර්මාණය කරමින් තිබෙන බවද ඔහු කියාසිටියි.

”අපි අවබෝධකරගෙන ඉන්නවා අපි ඉන්නේ තුන්වෙනි බලවේගය හැටියට. අපිට කරන්න වෙන්නේ අපේ කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් කණ්ඩායමක් පත්කරගැනීම. ආණ්ඩුව පිහිටුවනවට වඩා රටේ ජනතාව විශ්වාසය තබල තියෙනවා මාලිමාව ගැන. ජේවීපී එක ගැන. ඒ අයට කරන්න දෙන්න ඕනේ. ජනතාවට දුන්න පොරොන්දු ඔවුන් ඉටුකරන්න ඕනේ එහෙම නැත්නම් ජනතාව ඔවුන්ව ප්‍රතික්ෂේප කරයි. එහෙම ප්‍රතික්ෂේප කරනකොට කණ්ඩයමක් ඉන්න ඕනේ මේක අරගෙන යන්න. තරුණ කණ්ඩායමකට මේ අවස්ථාව තියෙනවා. එකම කාරණය විපක්ෂයේ බෙදීම හොඳ නැහැ. ශක්තිමත් විපක්ෂයක් රටේ ඇති කරන්න තමයි විපක්ෂ කණ්ඩායම සුදානම් වෙන්න ඕනේ.” යනුවෙන් හිටපු අමාත්‍යවරයා පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේදී ලංකාවේ දුමිදුට සහ කාන්තා යුගල දෙකකට පරාජය

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: ප්‍රංශයේ පැවත්වෙන ලෝක බැඩිමින්ටන් සූරතාවලිය...

තර්ජන,ගර්ජන සහ මර්දනයට අපි බය නෑ. ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න නායකත්වය දෙනවා – සජිත්

කොළඹ LNW: තර්ජන, ගර්ජන, මර්දන හරහා විපක්ෂය විනාශ කිරීමට...

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් තනතුර සීවලි අරුක්ගොඩට!

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) සිට බලපැවැත්වෙන...

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක්!(PHOTOS)

කොළඹ LNW:කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රය අවට ආරක්ෂාව මේ වනවිට...