නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12ට අවසන්!

0
312

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 11, කොළඹ (LNW):

ඊයේ (11) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයකට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් කිහිපයක් මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් අතර , අද දහවල් 12ට නාම යෝජනා භාර ගැනීම අවසන් වේ.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 241ක් ඊයේ දිනය වන විට නාම යෝජනා භාරදී තිබෙන අතර , ලබන මස 14 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම මේ දිනවල සිදුවේ.

අද දහවල් 12ට එම කටයුතු සිදුකිරීමෙන් පසු පස්වරු 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කළ හැකි බව පැවසේ.