*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා රට වෙනුවෙන් වැඩ කළ යුතු කාලය එළැඹ තිබෙනවා – සජිත් ප්‍රේමදාස (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

මෙම මැතිවරණය පොදුජනතාවගේ ආශිර්වාදය මත ජයග්‍රහණය කර යහපත් දේශයක්, යහපත් මාතෘභුමියක් ඇති කර රට ගොඩනගන රට සංවර්ධනය කරන යුගයක් කරා නායකත්වය ලබා දෙන බවත් ඒ සඳහා සම්මුතිවාදිව එකමුතුභාවය, සහෝදරත්වය කේන්ද්‍ර කර ගෙන නව යුගයක් උදා කරන බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේම, පත්වී සිටින ජනාධිපතිවරයා සමග රටේ අවශ්‍යතාව උදෙසා, ලක්ෂ 220ක් ජනතාවගේ අවශ්‍යතාව උදෙසා රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් කළ යුතු උපරිම කාර්යභාරය ඉටු කරන බවත් මෙතෙක් කල් තිබුණු ජරාජීරණ දේශපාලන සංස්කෘතිය පසෙකලා සහෝදරත්වයෙන් සම්මුතිවාදීව කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා 2028 වන විට විදෙස් ණය නැවත ගෙවිය යුතු බැවින් මේ කුඩා වූ ආර්ථිකය නැවත නගා සිටුවිය යුතු බවත් එය සියලු දෙනාගේම වගකීමක් නිසා ලක්ෂ 220ම එකට එකතු වී ඒ සඳහා කටයුතු කළ යුතු බවත් ඊට අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දීමේ අවස්ථාවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

අපේක්ෂකයන් තෝරා ගැනීමේ දී දැඩි තරගකාරීත්වයක් තිබූ බවත් කාන්තාවන් වෙනුවෙන් ද විශාල ඉඩක් වෙන් කර ඇති බවත් ඉදිරි පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයේ දී 25%ක වෙන් කිරීම ද ලබා දී මීටත් වඩා කාන්තා නියෝජනත්වය ලබා දෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.

දේශපාලනය හෝ වෙනත් වෘත්තීන් කරන සියල්ලන්ටම තමන්ගේ සේවය අවසන් කළ යුතු කාලයක් එළඹෙන බවත් අවසානයේ වැදගත් වන්නේ ජනතා ආශිර්වාදය තුළ කටයුතු කිරීම බවත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan