මංගල්‍යක් අවමංගල්‍යකින් අවසන් වෙයි!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 12, කොළඹ (LNW):

මංගල්‍යක් අවමංගල්‍යකින් අවසන් වූ පුවතක් වාර්තා වේ.

ඒ විවාහ මංගල උත්සවයක දී දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් අතර තුර සිදු කළ පහරදීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර, පොලිසිය සඳහන් කළේ අඟුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයේ ප්‍රජා ශාලාවේ ඊයේ  රාත්‍රියේ පැවති මංගල උත්සවයක දී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 52ක අඟුලාන ප්‍රදේශයේ පදිංචි අයෙකි. අදාළ පුද්ගලයා මංගල උත්සවයේ DJ සංගීතයේ ශබ්දය අඩුකරන ලෙස පැවසූ අවස්ථාවක මෙම බහින්බස්වීම ඇතිව තිබෙන බව වාර්තා වේ.

පොලිසිය පැවසුවේ, එහිදී තවත් පුද්ගලයෙක් ඔහුට කළ පහරදීමක දී මෙම ඝාතනය සිදුව ඇති අතර, පහරදුන් පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුලාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...