මාලිමාවෙන් එන සියලුම මන්ත්‍රීවරුන් වැටුප පක්ෂයට පරිත්‍යාග කරනවා, ඒකෙ කිසි වෙනසක් නෑ – හඳුන්නෙත්ති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන සියලුම මන්ත්‍රීවරුන් ද ඔවුන්ගේ වැටුප් පක්ෂ අරමුදලට පරිත්‍යාග කරන බව ජාජබ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ප්‍රශ්නය – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැටුප පක්ෂයට පරිත්‍යාග කරනවාද ?

“අනිවාර්යයෙන්ම. සියලු දෙනාම. ඒ ප්‍රතිපත්තිය අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩුවේ හිටියත් ඉෂ්ට කරනවා”

ප්‍රශ්නය – කිසිම වරප්‍රසාදයක් නෑ ?

“වරප්‍රසාදවලට වරදානවලට දේශපාලනය කරන ව්‍යාපාරයක් නෙවෙයි අපි. ඒක ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් අපි අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ ඊයේ (13) තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හෝටලයේදී පැවති ජාජබ අපේක්ෂක හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය : අමතර බිලියන සිය ගණන හොයාගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ...

ඉන්දියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නක් හේතුවෙන් 23 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි – අද (07) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින හරහා ඊසානදිග මෝසම් තත්ත්වය ක්‍රමයෙන්...